(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා හෙට (14) දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරු දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් හෙට දිනයේ සිට වේලාව වෙන්කරගත් අයදුම්කරුවන් දිනයක් පස්සට ගෙන සෙනසුරාදා දක්වා පැමිණිය යුතු අතර සේවා සැපයීම සඳහා ලබන සෙනසුරාදා දෙපාර්තමේන්තුව විවෘත කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉල්ක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (13) පස්වරුවේ සඳහන් කළේය.
පරිගණක පද්ධතිය අකර්මණ්‍ය වීමට පෙර දිනයේ අයදුම්පත් භාර දුන් පුද්ගලයන්ට හෙට (14) මධ්‍යහන 12.00 න් පසුව දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළුවෙන් විදේශ ගමන් බලපත්‍රය ගත හැකි බවත් සෙසු අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය කූරියර් සේවා මගින් හැකි ඉක්මණින් නිවසට යොමු කරන බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් නිවේදනය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd