(ඩයනා උදයංගනී)
වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදන මෙරට තුළ තහනම් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරි ගුඩ්.. මෙක මෙ පරිසරය ගැන හිතල නම් නෙමෙ මට හිතෙන්නෙ.. නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි නැතිකමට. . කොහොම උනත් ඉතාම හොඳ පියවරක්.. ආපස්සට හැරෙන්නෙ නැතිවෙයි කියල මම හිතනව..
මේවාට ආදේශක මොනවා දැයි ද නීතියේ සඳහන් වනවා නම් හොඳයි. එවිට ආදේශක නිසා පාරිහෝගිකයාට හා නිෂ්පාදකයාට වන බලපෑම් ගැන පූර්ව සමීක්ෂණයක් ද කර ඇතිනම් ඒ වා ගැන හෙළි දරව් කරන්න්නේ නම් තවත් හොඳයි. නැතිනම් වන්නේ නීති දමා පසුව එල්ලවන උද්ගෝෂණ හමුවේ නීතිය නැවැත හකුළා ගැනීමය.
ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටුව වරක් නොව අවුරුදු ගාණකට විසිකරන්න ඕන නෑ. ඒක තහනම තේරුම්ගන්න බැරි දෙයක්.
පොඩි පොඩි සිල්ලර දේ නොව මහා පරිමාණයෙන් ප්ලාස්ටික් එකතුවන වතුර බෝතල්, කොසු වැනි දේ ගැනත් කල්පනා කිරීම වැදගත් වේ.
පලමුව ප්‍රායෝගික විකල්ප හඳුන්වා නොදෙමින් ක්ෂනිකව ගෙනෙන නීතිවලට වෙන්නේත් කාබනික පොහොර වලට වුන දේම තමයි
ඉදිආප්ප තට්ටු තහනම හරිනම් විකල්පය කුමක්ද? දැනට වෙලදපලේ පලාස්ටික් ඉදිආප්ප තට්ටු 12ක් රු:60 ක පමනය වේවැල් 1 ක තටිටුවක් 100 වැඩිය එසේනමි ව්කල්පය කුමක්ද? සොයාගැනීමටද අපහසුය........පිලිකා පිලිබද පරික්ෂන කලයුතුවන්නේනම් හිතලබලන්න % කීයක් කලයුතුද කියලා.