(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය , ඉන්දියාව ,සෞදි අරාබියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජී7 සාමාජික රටවල් වල සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එළඹෙන 17 වැනිදා පැවැත්වෙන ණය පිළිබඳ වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවද සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
මෙම වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවට අමතරව ණය අර්බුදවලට මුහුණ දී සිටීම හේතුවෙන් ජී20 පොදු රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති ඉතියෝපියාව, සැමීබියාව සහ ඝානාව යන රටවල්ද සංවර්ධනය වෙමින් පවතින රටවල් වන සුරිනාමය, ඉක්වදෝරයද සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
මෙම වටමේස සාකච්ඡාවේ සම සභාපතීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී20 කණ්ඩායමේ ප්‍රධානීත්වය දරණු ඇත.17 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන වටමේස සාකච්ඡාවේ මුහුණට මුහුණ පැවැත්වෙන සාකච්ඡාව එළඹෙන 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
ජී20 සමුළුවේ මූල්‍ය නිලධාරීන් ගේ රැස්වීමක් ඉන්දියාව එළඹෙන 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම වටමේස සාකච්ඡාව ඊට සතියකට පෙර පැවැත්වේ.ලබන වසරේ ජී20 සමුළුවට නායකත්වය ලබා දෙන බ්‍රසීලයද මෙම සාකච්ඡාවට සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.මෙම වටමේස සාකච්ඡාව එළඹෙන 17 වැනිදා පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර තිබේ.
වටමේස සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණයට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකරුවන් වන සම්ප්‍රදායික ණය හිමියන්ගේ සිට ධනවත් ආර්ථිකයන් හිමි නව ණය හිමියන් මෙන්ම ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් සහ පුද්ගලික අංශය එක් ස්ථානයකට රැගෙන ඒම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
පළමුවෙන් වසර දෙකකට පෙර ණය සහන ඉල්ලු සැමීබියාවේ සාකච්ඡා මන්දගාමී වීම හේතුවෙන් වැඩෙමින් තිබෙන කලකිරීම් මධ්‍යයේ මෙම වටමේසය නිර්මාණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
G7 කණ්ඩායමට දකුණු ආසියාවෙන් එක්වූ පලමු රට බවට ලංකාව පත්වීම අප සැමට සතුටු විය හැකි කාරනයක්. මේ රට පාලනය කල සියලුම දේශපාලනඥයන්ට ස්තුතියි
කණගාටුයි දැන් ලංකාව වැටී ඇති මට්ටම. දැන් ලංකාව ලැයිස්තු ගත කරලා තියන්නේ ඉතියෝපියාව, සැමීබියාව සහ ඝානාව යන රටවල් සමග. ඒ දවස්වල අපි දුප්පත් රටවල් හැටියට උදාරනයට ගන්නේ එම රටවල්. දැන් අපිත් එම ලැයිස්තුවට ඇතුලත් වෙලා. මම නම් කියන්න නැහැ 75 අවුරුද්දේ සාපය කියලා. මම කියන්නේ 46 අවුරුද්දේ සාපය කියලා . මොකද්ද 1977 ජේ ආර් ගේ 77 ව්‍යවස්ථාවෙන් තමයි රටේ විනාශය පටන් ගත්තේ.
JR උන්නැහැ මේ ජනාධිපති ව්‍යවස්ථාව ගේන වෙලාවෙ NM සහෝදරයා කිව්වා මේ ජනාධිපති පුටුවෙ කපටි උන්මත්තකයෙක් වාඩිවුනොත් රට අගාධයෙන් අගාධයට ගිහිල්ල බලය අයුතු විදිහට පාවිච්චි කරලා මිනිසුන්ට යන එනමන් නැතුව විනාශ වෙයි කියලා ..ඒ ව්‍යවස්ථා හිලෙන් රින්ගලා ජනවරමක් නැතුව රටේ සමස්ත ජනතාවටම එලෝ එලෝ අද ඇතිවෙන්න දෙනවා .NM සහෝදරයගෙ කටේ මසුරන් දාන්න වටිනවා .අද මුලු රටම අනාතයි.