කඩවතදී මහ දවල් රන් බෑගයක් කොල්ල කයි කඩවත රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට අත් බෑගයක දමාගෙන කාන්තාවක් රැගෙන ආ ලක්ෂ හතළිස් හතරක් පමණ වටිනා රන් භාණ්ඩ එම අත් බෑගය ද සමඟ රාජ්‍ය බැංකුව ආසන්නයේ දී පා ගමනින් ආ පුද්ගලයකු කොල්ල කා ගෙන පලාගොස් ඇතැයි කඩවත පොලිසිය පවසයි 30 December 2022
අමාත්‍යාංශ ලේකම්වරුන් වැඩ නොකළොත් මාස හයෙන් ගෙදර රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා හා සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් ලබන වසරේදී අත්සන් කිරීමට කටයුතු යොදා ඇත. 30 December 2022
විදේශිකයන් දෙදෙනකු බැංකු දෙකකට සුද්දයක් දාලා විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් දමා බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 2,75,000 ක මුදලක් ද වංචනිකව ලබා ගෙන පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි. 30 December 2022
ඖෂධ සියයට 50ක් රටේම නිෂ්පාදනය කරනවා ශ්‍රී ලංකාවේ ඖෂධ ඉල්ලුමෙන් සියයට 50 ක් රට තුළ නිෂ්පාදන කිරීම ඉලක්කය බවත් එම ඉලක්කයට ඉදිරි වසර දෙක තුළ යෑමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 30 December 2022
විදුලි ඉල්ලුමෙන් සියයට 13ක් පෞද්ගලික අංශයෙන් පෞද්ගලික පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබන වසරේ (2023) ජාතික විදුලිබල ඉල්ලුමෙන් සියයට 13 ක් ලබාගැනීමට සැළසුම් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 December 2022
පුංචි ඡන්දෙට වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකයි පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (30) පැවසීය. 30 December 2022
ජනපති අරමුදලේ මූල්‍යාධාර ඉහල දාන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක් ජනාධිපති අරමුදලින් ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා දැනට ගෙවනු ලබන මූල්‍යාධාර ඉහළ නැංවීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙි. 30 December 2022
ලොව වටින්ම ලංකාවට මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත. 30 December 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමට තවත් කමිටුවක් විරුද්ධයි මෙම අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ නොදැමිය යුතු යැයි නිර්දේශ කරන බව පාරිභෝගික උපදේශන කමිටුව නිර්දේශ කරන බව එම කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා අද (30) පැවසීය. 30 December 2022
නව වසරට සෙත්පතා ස්වීඩනයේ බෝධි පූජා නව වසරට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පිංකමක් ස්විඩන සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අනිද්දා (01) සවස 3.00 සිට පැවැත්වේ. 30 December 2022
පියාගේ අවසන් ගමනට ආ යුද හමුදා පුතුත් අවසන් ගමන්යයි කැකිරාව පොතානේගමදී අද (30) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්ත ප්‍රධාන සරඹ උපදේශකයකු එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 30 December 2022
උද්ධමනය පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 30 December 2022
ජනාධිපති අරමුදල වැඩ පෙන්වයි ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර මහතා පැවසීය. 30 December 2022
ජෝර්දානයෙන් ශ්‍රී ලාංකිකයන්ට පණිවුඩයක් නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණි සංචාරකයින් එරට අතරමංව ඇති නිසා එරට රැකියා ලබාදෙන බවට ජනතාව මුලාකරන ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන්නැයි ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 30 December 2022
නව වසරේ 2දා සිට සුපුරුදු ලෙස අඳුරේ ජනවාරි මස 2 වැනිදා පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පැවසීය. 30 December 2022
බොරු පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන කරලා රුපියල් ලක්ෂ 30 ක මුදල් ආරවුලක් මුල්කරගෙන හැඳල ප්‍රදේශයේ නිවසට ඇතුලු වී ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා නිවැසියන්ට මරණීය තර්ජනය කළ ව්‍යාපාරිකයකු ව්‍යාජ අංක තහඩුවක් සහිත ජිප් රථයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 30 December 2022
කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ලේඛන,සහතික සත්‍යාපනය කිරිමේදී අයකරනු ලබන අදාල ගාස්තු එළඹෙන ජනවාරී මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 30 December 2022
ලක්ෂ 9ක වාලම්පුරියක් විකුණන්න ගිය 2ක් මාට්ටු රුපියල් ලක්ෂ 9 1/2ට මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු කටුනායක හීනටියන ප්‍රදේශයේ අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි. 30 December 2022
’’ලංකාවට ලැබෙන්න තිබූ සැහැල්ලු දුම්රිය පද්ධතිය අහිමි කළා’’ බංග්ලාදේශයේ ඩකා නගරයේ දී පසුගියදා විවෘත කෙරුණු ආකාරයේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලබන වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමට තිබූ අවස්ථාව මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා ලවා රටට අහිමි කරවූ බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 December 2022
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනතුරකට ලක්වෙයි ඉන්දීය කඩුළු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකින් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.රිය අනතුර සිදුවන අවස්ථාවේ දිල්ලි නගරයේ සිට උත්තරකාන්ද් බලා රිෂාබ් ගමන් කරමින් සිට ඇත. 30 December 2022
හාල් සංචිත ඇති කරන්න දුන් කෝටි 20ක් හරවායවලා ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වාගෙන යෑමට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන පසුගිය වසරේදී ලබාදී තිබුණද එලෙස සංචිතයක් පවත්වාගෙන නොගොස් එම මුදල් ආපසු හරවා යවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 December 2022
වෙහෙරහැර රථ ගාල හැකි ඉක්මණින් ගන්නවා මැර කණ්ඩායමක ග්‍රහණයට නතුව තිබෙන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර කාර්යාලයේ රථගාල හැකි ඉක්මණින් එම දෙපාර්තමේන්තුවට පවරාගන්නා බවත් ඒ සඳහා වන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය. 30 December 2022
සිමෙන්ති සංස්ථාව අනවසරයෙන් කෝටි7ක් ’’ෆික්ස් ඩිපෝසිට්’’ දාලා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 2019 සහ 2022 වර්ෂවලදී කෝටි 7 ක මුදලක් චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 December 2022
ගොවියන් අතට ඩොලර් ගේන වැඩක් අරඹයි මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරි ගැන්වීමේ වැඩ සටහනක් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 30 December 2022
අවුන් සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක් මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත. 30 December 2022
පෝලන්ත-තුර්කි රැකියා මගඩියට යුවළක් මාට්ටු අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 30 December 2022
සිවිල් ගුවන් සේවා අධිකාරියට කෝටි 24ක බදු පොල්ලක් දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු එකතු කළ අගය මත බදු( ආදාන බදු) රුපියල් කෝටි විසි හතරකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි විගණන වාර්තාවක සඳහන් වේ. 30 December 2022
ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 30 December 2022
රියදුරු බලපත්‍ර අවලංගු කරන අලුත්ම ක්‍රමය වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය. 30 December 2022
වාහන ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කොළ 6ක් වෙයි වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ කඩදාසි කොළ 12 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාස කොළ 6 ක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබන ජනවාරි 1 වෙනිදා සිට භාවිතා කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය. 30 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026