
(අංජුල මහික වීරරත්න)
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මහජන දිනය පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිවයිනේ විවිධ පළාත් වල ජනතාව විශාල පිරිසක් මීට සහභාගී වූහ.
මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් වැඩ පිළිවෙල සහ රටේ වත්මන් තත්වය පිළිබඳව ජනතාව ප්‍රසාදයෙන් අදහස් දැක්වූ බවත් අනාගත වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ අදහස් යෝජනා මෙහිදී ලබාගත් බවත් විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන් ඉන්නේ මේ අයව දාගෙන රට අල්ලන්නද? විකාර හොඳටම තදවෙලා. රටේ ඉදිරියක් දකින්න නම් පිනාව පන්නා දමා මොලය හරියට ක්‍රියාකරන කෙනෙක්ව පුටුවේ වාඩි කරවිය යුතුයි...
ඔබතුමාගේ වැඩ ගැන කිසිම පැහැදීමක් නැතුව ගියා මොකද ජනාධිපති උපදේශක රත්නායක මැතිතුමා වෙතට යොමුකිරීම සඳහා ලිපියක් රැගෙන ආ වෙලාවේ ඔබේ ඔෆිස් එකේ කෙනෙකු කියලා තියෙන්නේ එය එතුමාට දුන්නොත් කෙරෙන්නේ නැහැ.. ඔබතුමාට දෙන්න කියලා.. ඉතින් නැවතත් සකසා එය ඔබතුමාට දුන්නා. නමුත් ඔබතුමාගේ නොහැකියාව පෙන්වමින් පොහොට්ටු කාරයින්ගේ සැලසුම් ආකාරයට කටයුතු වෙනවා. මෙයින් රනිල් මැතිතුමා දේවත්වයෙන් සැලකූ කෙනෙකු ඉතාමත් කලකිරීමට පත්වෙලා තියෙනවා කියලා කියන්න කැමැතියි..