IMG-LOGO

රට ගොඩ ගන්න ’’ද බ්ලු ප්‍රින්ට් 2.0’’ එළි දකියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහක තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම "ද බ්ලු ප්‍රින්ට් 2.0" ඊයේ(14) කොළඹදී සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවේදී ඉදිරිපත් කරනු ලැබිණ.2022 අගෝස්තු 12 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර සභාගත කරන ලද මුල් සැලැස්ම යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කරුණු 10 කින් යුත් දීර්ඝ ප්‍රකාශයක් ලෙස "ද බ්ලු ප්‍රින්ට් 2.0" එළි දක්වා ඇත.

සමගි ජන බල වේග ආර්ථික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතුව පිළිබඳ ප්‍රසිද්ධ මත රාශියක් තිබෙන බවය.225 ම හොරු වීම සහ අවුරුදු 74 ක ශාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වූ බව එම මත අතරින් ප්‍රසිද්ධම මතය බව කබීර් හෂීම් මහතා පැවසුවේය.

නමුත්  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ වර්ෂය ලෙස 2004 වසර හැඳින්විය හැකි බව කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.නමුත් සියල්ලටම ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබෙන වංචා සහ දුෂණ වළක්වාලීමට පියවර ගත යුතු බව හෂීම් මහතා පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ආසියාවේ බංකොලොත්භාවයට පත් වූ එකම රට ශ්‍රී ලංකාව බවයි.1991 වසරේදී ඉන්දියාව මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ දුන් බව හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.ඉන්දියාව එම  ප්‍රශ්නය සාර්ථකව විසඳා ගත් බවත් ශ්‍රී ලංකාව තවත් එක් ලෙබනනයක් වීමට ඉඩ තැබිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

සමුළුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඉහළ මට්ටමේ නිලධාරීන් සහ දේශපාලනඥයන් තම වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කළ යුතු බවයි.එපමණක් නොව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ස්වාධීන විය යුතු බවත් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවිය යුතු බවත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.එසේම සොරකම් කරන ලද රාජ්‍ය වත්කම් නැවත ලබා ගැනීමේ ක්‍රමයක් ද සකස් කළ යුතු බව වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට එක් වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව එළඹෙන සියලුම ගිවිසුම් විනිවිදභාවයකින් යුක්ත විය යුතු බවයි.ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල අවශ්‍ය බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. නමුත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේදී සමගි ජන බලවේගය වෙනස් මාර්ගයක් අනුගමනය කරන ඔහු සඳහන් කළේය.සමගි ජන බලවේගය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරන නමුත් කිසිඳු රටක යහපත වෙනුවෙන් කටයුතු නොකරන බව ප්‍රේමදාස මහතා පැවසුවේය.



අදහස් (7)

රට ගොඩ ගන්න ’’ද බ්ලු ප්‍රින්ට් 2.0’’ එළි දකියි

De Silva Wednesday, 15 February 2023 06:42 PM

සජියටයි, එයාගේ ගෝලයන්ටයි අමු මඤ්ඥං. පුදුම බූරු රැලක්නේ...

:       6       10

Bishan Wednesday, 15 February 2023 06:47 PM

1.0 එකෙන් රටම විනාශ කළා.. 2.0 එකෙන් විකුණලාම දාන්න...

:       3       9

Bandara Wednesday, 15 February 2023 07:57 PM

තනිකරම කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම... වැඩක් නෑ ඉතින් වෙනස් කිව්වට.

:       6       11

ලක්මාල්Thursday, 16 February 2023 09:24 AM

තමන්ගේ දේශපාලන නායකයාව හිස් මුදුනේ තියාගෙන එහෙයි එහෙයි කියාගෙන ඉන්න කෙනෙක් වගේ..... මනස නිදහස් කරගෙන වටපිට බලන්න ටිකක්.

:       1       2

සිල්වා Wednesday, 15 February 2023 08:57 PM

යම් කෙනෙක් දූෂණ සහ වංචා පිළිබඳ චොදනා ඉදිරිපත් කරන අවස්ථාවේ එම චොදනා ඔහු විසින් ඔප්පු කළ යුතු අතර ඒ සඳහා ඔහුට අවශ්‍ය සහයෝගය සහ ආරක්ෂාව සැපයෙන නීතිමය ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එමගින් රටේ ජනතාව ආරක්ෂා වනු ඇත.

:       0       1

අරවින්ද මෙණරවිල Thursday, 16 February 2023 01:07 AM

හර්‍ෂ ඔයාට රනිගේ ආර්ථික දැක්ම වැඩපිළිවෙළට එහා ගිය දැක්මක් හො වැඩපිළිවෙළක් නැහැ නේද ? ඒක ඔයාත් පිලිගත්තා රනිල්ගේ අතුරු අයවැය ලේඛන ඉදිරිපත් කෙරුව වෙලාවේ, නමුත් රනිල් ඔයාට මුදල් ඇමතිකම දෙන්න අකමැති උන නිසා ඔයාට කරණම ගහන්න බැරි උනා. දැන් මාස හයක් තිස්සේ රනිල් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල අසාර්ථකභාවය සාර්ථකව රටට පෙනුම් කරලා තියෙනවා. ඒ නිසා කවුරුවත් ඕක පිලිගන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. සජිත්ට නම් ඕවායේ මෙලෝ හසරක් තෙරෙනේ නැතුව ඇති.

:       2       1

Bamunuarachchi Friday, 17 February 2023 10:38 AM

අම්මපා රට ගොඩගන්නේ කොහොමද බ්ලු පිල්ම් වලින්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site