ටොයෝටා සමාගමේ නිර්මාතෘ කිචිරෝ ටොයොඩා මහතාගේ පුත් සොයිචිරෝ ටොයොඩා මහතා අභාවප්‍රාප්ත වූ බව ටොයොටා සමාගම ප්‍රකාශ කර ඇත.
අභාවප්‍රාප්ත වන විට සොයිචිරෝ ටොයොඩා මහතා 97 වැනි වියේ පසුවිය.
නගෝයා විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගනිමින් 1952 වසරේදී සොයිචිරෝ ටොයොඩා මහතා ටොයොටා සමාගමේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත.
පසුව ඔහු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබාගෙන තිබේ.
1961 වසරේ ඔහු ටොයෝටා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වූ අතර 1967 වසරේ දී ඔහු ජ්‍යෙෂ්ඨ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් විය.
2009 වසරේ දී ඔහු ටොයොටා සමාගමේ සභාපති ධුරයට පත් වූ අතර අභාවප්‍රාප්ත වන තෙක් එම ධුරයේ කටයුතු කළේය.
සොයිචිරෝ ටොයොඩා මහතා වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අකියෝ ටොයොඩා මහතාගේ පියාණන් ද විය.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාසයෙන් ගමනක් යාමට අපට ඉඩ සැලසු ඔබට සුබ ගමන්....
ලෝකෙටම මහත් සේවයක් කල ඔබට නිවන් සුව!!!
ලංකාවේ සිංහල සුරුට්ටුවන්ට කෝටි ගණන් සල්ලිත් ඒ වගේම ලොකු ලොකු ටොයෝටා වාහනත් නිකම්ම දුන්නු ඔබට සුරුට්ටුවන් අද කාලගුණ සැලකුවාද?
අංක එකට විකිණෙන රථය
ලෝක වාසීන්ගේ විශ්වාසය දිනාගත් හොඳම මෝටර් රථ ව්‍යාපාරිකයා .ඔබගේ සේවය සහ නාමය සදා අමරණීය වනු ඇත .ඔබට නිවන් සුව පතමි