(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
ඇපමුදල් ලෙස තැන්පත්කොට ඇති රුපියල් මිලියන 186ක මුදල මැතිවරණ කටයුතු සදහා මහා භාණ්ඩාගාරය හරහා මැතිවරණ කොමිසමට ලබාදිමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලට ඉඩකඩක් පවතින බැව් ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේය.
රජය මැතිවරණය කල්දැමිම සදහා ගන්නා උත්සාහය පරාජය කිරිම සදහා දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් ඇප වශයෙන් තැන්පත්කොට ඇති මුදල නිත්‍යානුකුල අයුරින් මැතිවරණ කොමිසමට ලබාදිය හැකි බවද හෙතෙම පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද කිවේය.
මැතිවරණය සදහා තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් මේ සදහා එකගනම් දිවුරුම් ප්‍රකාශයක් මගින් නිත්‍යානුකුල ආකාරයට ඇපමුදල් තමන් ආපසු ලබා නොගන්නා බවට තහවුරුවක් දිලා රජයේ ගිණුමෙන් මැතිවරණ කොමිසම් සභාවට බැරකරණ ලෙස ඉල්ලිමක් කරන්න පුළුවන් . එහෙම වුනොත් මිලියන 186 මුදල මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණ කටයුතු සදහා ලබාගන්න පුළුවන්.
ඉතිහාසයේ පළමු වතාවට තමයි මුදල් මත මැතිවරණයක් ප්‍රමාදවෙලා තියෙන්නේ. ආණ්ඩුවක් නිතියෙන් බැහැරව මැතිවරණයක් වැලැක්විම සදහා උත්සාහදරපු අවස්ථාවක් මිටපෙර වාර්තාවෙලා නැහැ. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව කරලත් වැඩක් නැහැ නන්දසේනව එලෙව්ව වගෙ රනිල් රාජප්කශලවයි එලවන්ඩ තමයි ඔනෙ.
අන්න හරි... අඩුගානේ ඔය පඩිය නවත්තලා හරි මැතිවරණය තියන්නම ඕනෑ. මේක යකාගේ මගුලක් වුණානේ... එයාලගේ නාඩගම් ඔක්කොටෝම සල්ලි තියෙනවා. රටේ වැදගත් දේවල්වලට සල්ලි නෑ. තව දිපල්ලකෝ බලය...
මට තේරෙන්නේ නැහැ ෆැපරල් සංවිධානෙට තියෙන බලය මේ තරම් අදහස් ඉදිරිපත් කරන්න, එයාල හරි හෝ වැරදි.
එක එහෙම කරන්න ඔන නැහැ, ආන්ඩුවක වගකීම තමයි නියමිත කලට හා වෙලාවට මතිවරන පැවැත්වීම.
ස්වාධීන නිරික්ෂකයෝ කියලා කියා ගන්නා අය ඇත්තටම ස්වාධීන නම් මෙවැනි මත ප්‍රකාශ කරන්න බෑ...