හිටපු ඇමති බෝගොල්ලාගමට අධිකරණයෙන් කැඳවීමක්
හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ පෙත්සමකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට ලබන නොවැම්බර් මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ දිසා විනිසුරු මහේෂි ද සිල්වා මහත්මිය අද (11) නොතීසි නිකුත් කළාය.