ඉන්දිකා රාමනායක
විදුලිය ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන බව ද මණ්ඩලය සඳහන් කරයි.
විදුලිය ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු පෙරේදා (14) අනුමැතිය දී ඇත.
මෙම යෝජනාවට කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනකු ඒ සඳහා එකඟතාව පළකිරීම හේතුවෙන් එම යෝජනාව බහුතර එකඟතාව මත සම්මත වී ඇතැයි වාර්තා වේ.
විදුලිය ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබූ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමුකර තිබුණ ද, එය අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම දිගින් දිගටම ප්‍රමාද කළ බවට චෝදනා එල්ල විය.
මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනකු විදුලි පනතට හා මහජන උපයෝගිතා කොමිසමට පටහැනිව, දේශපාලන අධිකාරියේ බලපෑම මත විදුලි බිල සංශෝධනයට අනුමැතිය දී ඇති බවය.
කොමිසමේ සභාපතිවරයා වන තමාගේ අවසරය නොමැතිව රැස්වී දේශපාලන අධිකාරියේ බලපෑම මත, මහජනයා වෙත විශාල බරක් පටවා ඇති බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් හොරු අල්ලන්නේ නැහැ .හොරු රකිනවා මිස.අන්තිමට ඔය කවුරු හොරා කන ඒවා ගෙවන්නේ අහිංසක මිනිස්සු මිස වෙන කවුරුත් නෙමෙයි .රනිල් මහින්ද කවදත් කරන්නේ හොරු ආරක්ෂා කරන එක මිස වෙන දෙයක් නෙමෙයි
අහෝ...! ඒ ජනකත් අවසානයේ විදුලිජනකයට බිළිවිය...
රට්ටුන්ට පේන්න දෙපැත්තට කඹ ඇද ඇද ඉදලා.අන්තිමට කරගන්න ඕන දේ කරගත්තා නේ ද? මුන් ඔක්කොම පෙන්නුවේ නාට්ටී.කොක්කෙන් බැරි නම්.කෙක්කෙන් හරි වැඩේ කරලා දුන්නා මිනිස්සුන්‍ට 33000 වැදෙන්නම.බලමු හෙට ඉදන් චන්දේ කල් දානව කියලා කොලබ වටලනවා කියන කට්ටිය මේකට ගන්න පියවර.ඔය ප්‍රගතිශීලී කියන මණ්ඩලේ වෘත්තීය සමිතිත් දැඩි ක්‍රියාමාර්ග ගනීනේ.
මසකට ඒකක 90ට අඩු සුලු පරිමාන පාරිභෝගිකයින්ට පමණක් ගාස්තු අසීමිත ලෙස වැඩිකිරීමට ගෙන ඇති මෙම තීරණය කොතරම් අසාධාරණ ක්‍රියාවලියක්ද. මහා පරිමාන ලොක්කන්ට මොකුත් නෑ. ඇයි මේ දුප්පත් අසරණ පොඩි මිනිහටම එලව එලව ගහද්දි කවුරුත් කටවහගෙන? හැමෝටම එකසමානව 5%කින් පොදුවේ ගාස්තු වැඩිකලානම් කවුරුත් විරුද්ධ වෙන්නෙ නෑ. මීටත් වඩා වැඩි ආදායමකුත් එනව. ඇයි එහෙම නොකරන්නෙ? කරුණාකර දන්න කෙනෙක් පැහැදිලි කර දෙන්න.
මේක සූළු වැඩි වීමක්.මේක දරා ගන්න ජනතාව සූදානම්, අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් සමග රට ගොඩනගන්න අපි සූදානම්.
විදුලිබල මණ්ඩලයටයි මේ අමතන්නේ....මේ රටේ බහුතරයක් ජනතාව විදුලි බිල නොගෙවීමට තීරණය කොට ඇත !!! ඔබලාට හැකි ඕන දෙයක් කරන්න !!! ඒ විතරක් නොවෙයි බිල 66% කින් ඉහල නංවන්න චන්දය දුන්න මහජන උපයෝගිතා කොමිසමේ ඉන්න රනිල් නොහොත් බටලන්දේ මිනීමරුවාගේ කටු සුප්පු කරන බත් බැලයන් 3 දෙනා ගැන අපි මහා පාරේදීම බලාගන්නම්. ඒ වගේම නව රජයක් යටතේ ඒ 3 දෙනාට බලු කුඩුවේ අවුරුදු 12 ක් විතර ඉන්නත් වෙන්න පුළුවන් පන පිටින් හිටියොත්.
කොහොමද 15 වෙනිදා සිට වැඩිවීම ගණන් බලන්නෙ කියලා තේරුම් කරල දෙන්න 15 දිනට පෙර කොපමණ ඒකක ගණනක් පාවිච්චි කලාද එදින සිට කොපමණ පාවිච්චි කලාද කියන්න බැහැ ඉතින් මුල් මාසයේ මීටරය පරීක්ෂා කල දිනයේ සිටම වැඩි ගාස්තුව හදාවි.
අනුමැතිය දුන් තුන්දෙනා ගෙදර හුළු අතු පත්තු කරගෙන දර වලින් උයන අය වෙන්නැති . එයාල විතරක්ම නෙවෙයි අපිට එයාලගෙ අම්මා තාත්තා මතක් වෙනව ස්විච් එක දාන කොට. පාරට බහින්න එපා. බල්ලෙක් හරි හපාවි ජලභීතිකා හැදෙන්න .
මෙ සම්බන්දව ගරු අදිකරනයෙ මතය විමසන්න