IMG-LOGO

මැතිවරණයට කල් මරන්න එපා

(නිමල කොඩිතුවක්කු)

දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නා බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතුව ඇතැයි රජයෙන් සහ අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලීමක් කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා සඳහන් කරයි.

“මහජනතාවගේ පරමාධිපත්‍ය බලය දුර්වල කෙරෙන කුමන හෝ ක්‍රියාමාර්ගයකට කිසිදු සහයක් පළ නොකරන අතර සැබෑ ජනමතය පදනම් කරගත් පාලන ව්‍යුහයක් වෙනුවෙන් සැමවිටම සහය පළකරන්නෙමු.

එහිදී දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය ද නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නෙමු.

එමෙන්ම රටට අනවශ්‍ය බරක් පටවමින් පළාත් පාලන ආයතනවලට අධික සභික සංඛ්‍යාවක් පත්කර ගන්නා වත්මන් ක්‍රමවේදයට ද කිසිදු එකගත්වයක් පළ නොකරන්නෙමු.

අප රජයෙන් ද අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ වෙතින් ද ඉල්ලා සිටින්නේ රට තුළ නිර්මාණය වෙමින් ඇති සංකීර්ණ අර්බුදය නිවැරදිව තක්සේරු කරමින් පොදු එකගතවයකට එළඹෙමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතු බවය.

 



අදහස් (0)

මැතිවරණයට කල් මරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site