IMG-LOGO

ඡන්දය තියෙනවා ද නැද්ද සජිත් කියයි

(මොහොමඩ් ආසික්)

මැතිවරණය කල් දාන බවට කරන ප්‍රකාශ ජනතාව නොමඟ යැවීම සඳහා රජය මගින් කරන දෙයක් යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය අකුරණ නගරයේදී සංවිධානය කළ ප්‍රචාරක රැළියක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

දැන් හුඟක් අය කතා කරමින් යනවා මේ මැතිවරණය අවිනිශ්චිතයි කියලා. මේක ජනතාව නොමඟ යැවීම සඳහා රජය ගන්නා උප්පරවැට්ටියක්. ජනතාව තුළ ඡන්දය ගැන සැකයක් ඇති වුණොත් මිනිස්සු අහයි මොකටද කැන්වසින් යන්නේ මොනවදටද කාර්යාල මොනවදටද රැස්වීම් කියලා. මන්දගාමි ස්වරූපයක් ඇති කරන්නයි මේ රජය උත්සාහ කරන්නේ හේතුව අලි පොහොට්ටු කපුටු නියෝජිතයින්ට මහපාරේ බැහැල යන්න බෑ පසුගිය දිනවල අපේක්ෂකයන් ටික කාමරයක් ඇතුලට දාගෙන රැස්වීම් තියෙනවා. මරු රැස්වීම්. රට බංකොලොත් කරපු හොරු රැළකට මින් ඉදිරියට ජනතාව හොඳ පිළිතුරක් දෙන්න බලා ගෙන ඉන්නවා. සියලු කොට්ඨාසවල කාර්යාල දාන්න සියලු අපේක්ෂකයන්න ගෙයින් ගෙට යන්න . 69 ලක්ෂය එකතු කර ගන්න . අනිවාර්යෙන්ම මැතිවරණය පවත්වනවා. මේ ආණ්ඩුව කුමන්ත්‍රණය කරලා මැතිවරණය කල් දාන්න කටයුතු කළොත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්ක මහ පාරට බැහැල අපි අපේ මැතිවරණය දිනා ගන්නවා මට ලොකු විශ්වාසයක් තියෙනවා නියත වශයෙන්ම මැතිවරණය පැවැත්වෙනවා. .



අදහස් (2)

ඡන්දය තියෙනවා ද නැද්ද සජිත් කියයි

PODDA Thursday, 16 February 2023 11:34 AM

ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කරනවා කියලා කෝටි 1000 වැඩි වියදමක් යන චන්දය ඉල්ලනවා.බඩු වැඩිකරලා විදුලිබිල දරාගන්න බැරි විදියට වැඩි කරා .යහපාලානේ කලේ පළාත්සභා චන්දය තියන්න ඕනේ.අවුරුදු 3 පැනලා .එතකොට මෙයා බුදිද .මේ චන්දෙන් ආණ්ඩුව පෙරලන්න පුළුවන් ?මේ වගේ විපක්ෂයක් හින්දා රටට හෙන ගැහුවා .බලය විතරයි ඕනේ

:       3       4

බක්මී Thursday, 16 February 2023 12:34 PM

ඔබතුමාත් චන්දයක් තියන්න කියලා කෑගහනවද .ඔබතුමා දන්නේ නැද්ද ඔබතුමා ඇතුළු රට විනාශ කරන්න දායක වෙච්ච කිසි කෙනෙකුට මේ පාර මිනිස්සු චන්දෙ දෙන්නේ නැති බව. ඔය 225 ම ගෙදර යවන්න රතු එළියක් දෙන්නයි මේ පාර සුදානම් වෙන්නේ. ඒ නිසා ඔබතුමාත් චන්දෙට බයවෙලා ඉන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site