(විමුක්ති එස් රුද්‍රිගු)
ණය අත්හිටුවීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පැරිස් සමාජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව චීනය තවමත් ශ්‍රී ලංකාවට සහාය දක්වා නොමැති නිසා ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ද මෙරට බලාපොරොත්තු කඩ වීමට අවස්ථාවක් තිබෙන බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත් පෙන්වා දී තිබේ.
ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් ගත කළ නොහැකි බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත සඳහන් කර ඇත.ශ්‍රී ලංකාව, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් වසර 4 ක කාලය තුළ වාරික 8 කින් අපේක්ෂා කරන බව එම පුවත්පත පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දී ඇති නමුත් චීනය තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ අත්හිටුවීමේ කාල සීමාව සම්බන්ධයෙන් වෙනස් අදහසක සිටින බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත වාර්තා කර ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හිඟ ණය පදනම මත ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දී මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීමේදී හෝ මෙම වසර අවසානයේ චීනය එකතු වන තෙක් බලා සිටිය හැකි බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත පෙන්වා දී තිබේ.
පසුගිය අවුරුදු සීයක කාලය තුළ ශ්‍රී ලංකා දේශපාලනඥයන්ගේ ප්‍රියතම දේශපාලන නවාතැන චීනය බවත් ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට තවමත් ශ්‍රී ලංකාව පිළිතුරක් ලබා දී නොමැති බවත් "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත සඳහන් කර ඇත. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න සහායක් ඉන්දියාව ලබා දුන් බවත් "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත වාර්තා කර තිබේ.
මූල්‍ය අරමුදලේ ණය මුදල නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නුදුරේදීම තවත් කඩා වැටීමට ඉඩ තිබෙන බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ්ක සිහිනයක්. නියත වශයෙන්ම I MF ණය ලබාදෙන්නෙ 2024 අග.
ඔය ණය ලැබෙන්නේ නැහැ. ලැබෙන්නත් එපා.
මේ ආණ්ඩුවට IMF හැර වෙන විකල්පයක් නැහැ. ජනවරමක් නැති ජනාධිපති රනිල්ට IMF පමණක් නොවේ, ලෝකේ කිසිම ජාත්‍යන්තර ආයතනවලින් කිසිම ආදරයක් ලබන්න නැහැ. අපිට තියන එකම විසඳුම සහ විශ්වාසය නම් අපේ රටවිරුවන් පමණයි. රටවිරුවොත් ජනවරමක් නැති රනිල්ටත් සහ විශ්වාස නැති හොර ආණ්ඩුවටත් ආධාර කරන්න එකක් නැහැ. රනිල්ගේ කයිවාරු පමණයි. එනකොට නම් මේ රනිල් සහ ඔහුගේ ගෝලයෝ කිව්ව විදියට මේ වනවිට ඩොලර් ගලාගෙන ඇවිත් අවසන්. අනික IMF එකේ ප්‍රධාන කොන්දේසිය රටින් පිට කළ ඩොලර් ටික නැවත ගේන්න ඕනෑ සහ දුෂිතයින්ට දඬුවම් දෙන්න ඕනේ. මේ කොන්දේසි දෙකම රනිල්ට ඉටු කරන්න බැරි හේතුව ඔහුව පත්කළේ එම දුෂිතයින්. නිකම් කාලය නාස්ති කරන්න එක පමණයි වෙන්නේ...
දූෂිත නාස්තිකාර ආණ්ඩු තිබෙන බංකොළොත් රටවල් වලට IMF ණය ලැබීමේ සම්බන්ධතාවය ඉතා අඩුය. IMF එක චීන ගිනි පොලී බැංකුව වගේ දේශපාලකයින්ට හොරකම් කරන්න මුදල් ලැබෙන්නේ නැහැ. ඕක බොහෝදුරට 2025 විතර ලැබේවි. මේ දූෂිත ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ...
වත්මන් ආණ්ඩුවට රටේ නිසි බලයක් නොමැතිකම හා නීතියේ විශ්වාසය නොමැතිකම මෙම ණය ගැනීමට හේතුවක්...