’’ෆේස්බුක්, වට්ස්ඇප්වල කාලෙ කෑවොත් පියවර ගන්නවා’’ රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස් අප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය. 02 January 2023
ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනකු අත්අඩංගුවට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු උද්ඝෝෂණයක් අතුරතුර පොදු දේපළ වලට පහර දී අලාභ හානි කළැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් විජේසිරි යන දෙදෙනා තලංගම පොලීසිය විසින් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි. 02 January 2023
උපාධිය හැදෑරීමට දුන් කෝටියක් වතුරේ රජයේ නිලධාරින් ඇතුළු 147 දෙනකුට පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ලබා දුන් රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි මුදලක් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 02 January 2023
දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබති දුම්රිය ස්ථානාධිපතිවරු 44 ක් හෙට දිනයේ බඳවා ගන්නා බවත් ස්ථානාධිපතිවරු 50 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (2) පැවසීය. 02 January 2023
අත්‍යවශ්‍ය දුම්රිය නිලධාරීන් රඳවා ගන්න අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබේ. 02 January 2023
ව්‍යවස්ථා සභාවට බාලගිරි දෝෂය ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් සිවු දෙනෙකු පත් කිරීමේදී ඇතිවී තිබෙන ගැටලුකාරී සහ මතභේදාත්මක තත්වය හේතුවෙන් එම සභාව මෙන්ම ඒ සභාවෙන් කෙරෙන ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමද තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 02 January 2023
පුංචි ඡන්දෙදී නව සන්ධාන පිහිටුවන සාකච්ඡාවලට සජබ නෑ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව එම පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 02 January 2023
ඩේවිඩ් කැමරන් ජනපති හමුවෙයි පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 02 January 2023
අති බහුතරයක් පුංචි ආණ්ඩුවලට පොහොට්ටුවෙන් සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් පළාත් පාලන ආයතනවලට ‘පොහොට්ටුව’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවත් ඇතැම් පළාත් පාලන ආයතනවලට එම පක්ෂයේ අපේක්ෂකයන් වෙනත් පක්ෂවල ලකුණින් තරග කරන අවස්ථා ද ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය. 02 January 2023
මිනිස් සිරුරුවලින් කොම්පෝස්ට් හදනවා ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි. 02 January 2023
ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් 2ක් ගැටී 4ක් මරුට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 02 January 2023
පාර්ලිමේන්තුවේ 35ක් ගෙදර පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 02 January 2023
පුංචි ඡන්දෙට එජාපයත් සම්මුඛ පරීක්ෂණ අරඹයි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට (4) සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 02 January 2023
මහජන උපයෝගිතා කොමිසමට දේශපාලන බලපෑම් එල්ල වෙනවා මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ඉතිහාසගත වැරදක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 January 2023
පුංචි ඡන්දය කල්දැමීමට ජනමත විචාරණයක් ඕනේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බවත් මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 January 2023
මුද්‍රණ ලොක්කෝ හිතුමතේට දීමනා දීලා රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන් ගෙවා ඇති බව විගනන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. 02 January 2023
උද්ධමනය පහළ යැවූ හැටි නන්දලාල් කියයි නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් සහ දෙසැම්බර් මස උද්ධමනය සියයට 57.2 දක්වා අඩු වීමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සාර්ථක වී ඇති බව පෙනී ගොස් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කර ඇත. 02 January 2023
22ට වඩා 23 ඉතාමත් දුෂ්කරයි ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත. 02 January 2023
දුම්රිය රැසක් පස්වරුවේ නවතියිද? දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (2) පස්වරුවේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 January 2023
නව විභාග කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (2) උදෑසන වැඩ භාර ගත්තේය. 02 January 2023
භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු සල්ලි නෑ භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්හිටුවා ඇත. 02 January 2023
කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය. 02 January 2023
මැකෝගෙන් පළාත් පාලන ඡන්දය ගැන ඉඟියක් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය. 02 January 2023
වැඩිම ජල නාස්තිය පාසල්වල පාසල් පරිශ්‍ර ජල නාස්තිය( අපතේ යෑම) සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 02 January 2023
අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තු රැස්වීම 5වැනිදා නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 02 January 2023
අයවැයෙන් ගොවිතැනට හොඳට සලකලා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා සියල්ලටම අවශ්‍ය මුදල් අයවැය ලේඛනයෙන් අනුමත කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 January 2023
ආනයන සහ අපනයන පහසු කරන්න ගැසට්ටුවක් ආනයන සහ අපනයන ක්‍රියාවලිය පහසු වීම සඳහා භාණ්ඩ වර්ග 142 කට රේගු HS කේතය හඳුන්වාදීමට හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 02 January 2023
ජනපති නව වසරේ වැඩ අරඹයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය. 02 January 2023
අද දවසේ අහස පැහැදිලි දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 January 2023
දඹුල්ලෙන් ගංජා කිලෝ 5ක් අල්ලයි යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දියේ නිවසක වළදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 02 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026