(ආරියරත්න රණබාහු)
අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳව දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එවැනි වාහනයක අංක තහඩුව ඡායාරූපයට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර වට්ස්ඇප් හෝ වයිබර් පණිවිඩයක් මගින් 070-3500525 යන දුරකතන අංකයට එම දැනුම් දීම කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ස් ඇප් කරන්න... නිකන් බොරු සෝබන කතා කියන්න එපා. කන්තෝරුව ඉස්සරහ පාරට බැස්සාම ඔය කියන ජාතියේ වාහන 10-15ක් පැය භාගයක් ඇතුළත දැකගන්න පුළුවන්නේ... බහින්න එළියට...
අආ...... කියන්නම්. ආණ්ඩුවේ සියලුම වාහන. පොලිසියේ සියළුම වාහන
එතකොට පොලිසියක් මොකටද තියෙන්නේ...?
හරියටම, අකුරටම වැඩ කරන තැනක් නේ? ඔය ආයතනයේ වැඩ කෙරෙන හැටි දන්නෝ දනිති....
වායු විමෝචන සහතිකය ලබාගැනීමෙන් පසුව වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන රටක අධික දුම් පිටකරන වාහන ධාවනය කළ හැකිද? රජයේ වාහනවලට මේ අධිකදුම් පිටකිරීම බල නොපායිද? සියලුම නීති සාමාන්‍ය ජනතාවට පමණයි.
ඈ... ආයූබෝවන්ඩ ඉස්සෙල්ලාම ආණ්ඩුවේ උන්නැහෙලාගේ වාහන චෙක් කරානම් නේද හොඳ..? බලන්න කලු දුමාරේ යන අපූරුව එවාගේ..!
CTB බස් ඔක්කොගේම එවන්න වෙන එක අවුලක් නෑද?