
(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද (17) සංදේශයක් බාර දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් මෙම සංදේශය භාර දුන්හ.
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි යුරෝපාකොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා සංගමය සල්ලි දෙනවා නම් ඡන්දෙ තියයි.
කොමිසම ඔව්වා ගණන් ගන්නේ නැහැ... ඒ අයට ඒ අයගේ ප්‍රශ්න තියෙනවා විසඳගන්න..
රටේ අනාගතය තීරණය කරන බැරෑරුම් ප්‍රශ්නයක් අප සියලු දෙනා හමුවේ තිබේ. එවන් අවස්ථාවක රටේ දේශපාලන තන්ත්‍රය වැඩ කළ යුත්තේ ඉතා විමසුම්සහගත වගකීමකින් යුතුව ය. මන්ද සියලු දේශපාලන සීමාවලට එපිටින් ජාතික අභිලාෂ පවතින හෙයිනි. එම අභිලාෂ මගනොහැර ඉටුකර ගැනීමෙන් පමණක් අපට දේශපාලනය කිරීමට පවා රටක්, රාජ්‍යයක් ඉතිරි වේ. එසේ හෙයින්, මේ අති විශේෂ අවස්ථාවේ දී අපගේ මූලික ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය සහාය පවතින ආණ්ඩුවට ලබා දී ඒවා ජයගැනීමෙන් පසු අපගේ බල හරඹය පටන්ගත හැකියි.