
(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර , මෝදරවිල කර්මාන්තශාලාවකදී සෝලා පැනල් ගබඩා කර තිබූ ටොන් තුනකට ආසන්න බරැති පෙට්ටි දෙකක් ශරීරය මත පතිත වීමෙන් දෙදරු පියකු අද (17) පස්වරුවේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ මාතර ,ඌරුබොක්ක, දම්පහළ ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් සුරංහ නැමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.
කන්ටේනර් පෙට්ටියකින් සෝලා පැනල් රැගෙන විත් ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් ආධාරයෙන් කර්මාන්ත ශාලවට ගොඩ බාමින් සිටියදී යන්ත්‍රයේ සම්බරතාවය ගිලිහී පැත්තකට බරවී අධික බරකින් යුත් පෙට්ටි දෙක ශරීරය මත වැටී ඇතැයි පොලිසිය කීය.
පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය
පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරය නිලධාරීන්ද පරීක්ෂණ සිදුකලහ.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර ඇතුළු නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd