රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 13 July 2022
පානදුර දුම්රිය ස්ථානයට අදත් ප්‍රහාරයක් දුම්රිය ධාවනය හිටිහැටියේ අත්හිටුවීම නිසා කෝපයට පත් ජනතාව පානදුර දුම්රිය ස්ථානයට අද (13) පස්වරුවේ පහරදී දේපල රැසකට හානිකර තිබේ. 13 July 2022
මාතරින් දුම්රිය දෙකක් එයි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමෙන් පසුව කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන්නේ යැයි දුම්රිය බලධාරීන් නිවේදනය කළ ද ජනතාවගේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මැදිහත්වීමෙන් අද (13) පස්වරුවේ දුම්රිය කීපයක් ධාවනය කිරීම කැපී පෙනුණි. 13 July 2022
මේ වෙලාවේ කළ හැකි හොඳම දේ කිරිඇල්ල කියයි ආණ්ඩුවේ නියෝග පොලිසිය ත්‍රිවිධ හමුදාව පිළිනොගන්නේ නම් මේ අවස්ථාවේදී කළ යුතු හොඳම දේ මහ මැතිවරණයකට යෑම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 13 July 2022
ගෝඨාභය මාලදිවයිනෙන් වෙනත් රටකට? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පස්වරුවේ සිංගප්පූරුවට හෝ ඩුබායි හෝ වෙත යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 July 2022
කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය. 13 July 2022
’’සාමය හා නීතිය රකින්න හමුදාවට බලය දුන්නා’’ ෆැසිස්ට්වාදී තර්ජනය නැති කළ යුතු අතර ඒ සඳහා පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කමිටුවකට සම්පූර්ණ බලය ලබාදුන් බව වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (13) පැවසීය. 13 July 2022
අරගලකරුවෝ අගමැති කාර්යාලය ඇතුළු වෙති කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. 13 July 2022
‘‘දෙදෙනකු නොව කෝටි දෙකක ජනතාව ආරක්ෂා කරන්න‘‘ දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද(30) පැවසීය. 13 July 2022
දුම්රිය කොළඹට ගේන්න සූදානම් කොළඹ බලා ගමන් අරඹා ඇති දුම්රිය වෘත්තිය අවධානම දරමින් කොළඹට ගෙන ඒමට දුම්රිය ස්ථානාධිපතිවරු සූදානම් බවත් ඒ සඳහා මගීන්ගේ පූර්ණ සහයෝගය ලැබිය යුතු බවත් දුම්රිය ස්ථානාදිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 13 July 2022
ජාතික රූපවාහිනියේ විකාශය නැවත අරඹයි අරගලකරුවන් ආක්‍රමණය කිරීම නිසා විකාශය තාවකාලිකව අත්හිටුවූ ජාතික රූපවාහිනියේ විකාශය නැවත ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 13 July 2022
අයි.ටි.එන් විකාශන කටයුතු නවතයි ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) ද විකාශය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම රූපවාහිනියේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 13 July 2022
අරගලකරුවෝ 23 ජාතික රෝහලට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැති විරෝධය අතරතුර තුවාල ලැබූ 23 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය 13 July 2022
පාර්ලිමේන්තු ආරක්ෂාව තර කරයි පාර්ලිමේන්තුවෙි ආරක්ෂාව තර කළ බව පාර්ලිමේන්තු ආරක්ෂක සඳහන් කරයි. 13 July 2022
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 13 July 2022
’’බලලෝභීත්වයට ආයුෂ නෑ’’ රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ ඉල්ලීමට හිස නමා එම ධූරවලින් ඉල්ලා අස්විය යුතු බවත්, බලලෝභීත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන්නැයි තමා පාලකයන්ට තරයේ අවධාරණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 13 July 2022
මෙරට තත්ත්වය ගැන රුසියාවෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කළාය. 13 July 2022
කොළඹ අහස වටා ගුවන් යානා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා අරගල භූමියට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට ඉහළ අහනස් පියාසර කරමින් තිබෙන ආකාරය දක්නට ලැබේ. 13 July 2022
පිට පළාත් දුම්රිය අත්හිටුවයි අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලුම දුම්රිය ස්ථානවලට දැනුම්දී තිබේ. 13 July 2022
අගමැතිට ජනපති ධුරයේ වගකීම පවරයි ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පැවසීය. 13 July 2022
බ්‍රිතාන්‍යයේ සහාය ප්රජාතන්ත්රවාදී මාර්ගයකට වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. 13 July 2022
බදුල්ලෙත් විරෝධයක් ජනතා අරගලය විජයග්‍රහණය කර, ගෝඨාභය ,රනිල් පන්නා දමන ලෙසට බලකරමින් වෘත්තීය සමිති සම්බන්දීකරන මධ්‍යස්ථානය, ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්වී සංවිධානය කළ උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවත්විණ . 13 July 2022
මෙරට තත්ත්වය ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ මතය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ සිට සී.එන්.එන් පිලිපීන්ස් පුවත් සේවයේ ෆයිනල් වර්ඩ් විශේෂාංගයට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුයේය. 13 July 2022
ගාල්ලෙත් විරෝධයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වනවිට ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිටදි පැවැත්වේ. 13 July 2022
දුම්රිය ධාවනය අඛණ්ඩව බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මේ දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය. 13 July 2022
’’කලහකාරීන් අත්අඩංගුවට ගන්න’’ කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ. 13 July 2022
මුළු දිවයිනටම හදිසි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 13 July 2022
බැසිලුත් රටින් යයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය. 13 July 2022
’’ජනපතිගේ අස්වීමේ ලිපිය ලැබී නෑ: බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ ජනධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා අතට ලැබී නැතැයි කතානායක මහින්දයාපා අෙබ්වර්ධන මහතා පැවසීය. 13 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025