(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 65 දෙනකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙි.
මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුව මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කොට තිබේ.
එමෙන්ම පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමේදී කාන්තාවන්ට සහ තරුණයින්ට සියයට 25ක නියෝජනයක් ලබා දීමටද තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා පිටේ යන්න පුළුවන් දෙතුන් දෙනාටනේ..
ඉතුරු දෙතුන් දෙනාත් දොට්ට දාලා ඔය පක්ෂය අහෝසි කළා නම් හරිනේ දැන් ඔක්කොම ඉන්නේ සජබනේ... !
ඔය 65 දෙනා ලොකු පිනක් කරලා තියෙනවා.
සජබෙ සහ එජාපෙ එළියේ බොරුවට මරා ගත්තාට මේ දෙගොල්ලන්ම හොඳ යාළුවෝ. කාවද මේ රවට්ටන්න උත්සාහ කරන්නේ? අපි නොදන්න මොනරතැන්න.
3% ඡන්දෙ ගන්න පක්ෂයක ඉන්න එකේ තේරුමක් තියෙනවද? ඔය මොන පක්ෂයෙන් ඉල්ලුවත් මම නම් දූෂණ, වංචා චෝදනා ඇති මිනිස්සුන්ට මනාපෙ නම් ගහන්නේ නැහැ... දෙන්න කෙනෙක් නැතිනම් මම එදාම ඡන්ද පළට ගිහින් ඡන්දෙ කටුගාලා දමනවා.
UNP කියන්නේ ලොම් හැලිච්ච නාකි දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්න, සාදාකාලයටම ජීවත් වෙන්න හිතාගෙන, ඉන්න එකම නායකයෙක් ඉන්න අනුන්ගේ පානෙන් එළිය බලන්න හදන ලෝකෙටම එපාවුණු බංකොළොත් පක්‍ෂයකනේ...
එජාපය? නෑ... අර එක පින් මන්ත්‍රීකමක් විතරක් ලැබුණු පක්ෂෙද? ඕකෙ නායකයා රටටත් ඔය ටික කරලා තමයි නවතින්නේ...!