IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීන සහතිකය නැතිව ණය දෙන්න සැරසේ

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මත පදනම්ව විධිමත් මූල්‍ය සහතිකයක් තවමත් ලබා දී නොමැත.

ණය අර්බුදයකට මුහුණ පා සිටින රටක ණය හිමියෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විධිමත් මූල්‍ය සහතිකයක් ලබා නොදී සිටින අවස්ථාවක එවන් රටකට ණය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාමත් කලාතුරකින් සළකා බලන ප්‍රතිපත්තියක් වන නිල හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට ණය ලබා දීමට සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ණය ලබා දීමේ කොන්දේසි සම්පූර්ණ කිරීමට රටක් සද්භාවයෙන් උත්සාහ ගත්තත් එම රටේ ණය හිමියෙක් එම උත්සාහ අසාර්ථක කරන අවස්ථාවක නිල හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සිදු කරනු ලබයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නේ කුමන ප්‍රතිපත්තිය මත පදනම්ව දැයි පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු පවසා ඇත.

එසේම ශ්‍රී ලංකාව තම ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත් ප්‍රතිපත්තිමය නිර්දේශ සම්පූර්ණ කරමින් සිටින ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (8)

චීන සහතිකය නැතිව ණය දෙන්න සැරසේ

RSD Saturday, 18 February 2023 10:33 AM

ඔන්න යාළුවන් අඳුරගන්න හම්බෙන හොඳම අවස්ථාව. විමලේලා බොරු බිල්ලන් මවා පෑවාට කට්ටියටම අඳුරගන්න පුළුවන් වුණා කව්ද අමාරු වෙලාවේ ළඟින් හිටියේ කියලා...

:       5       35

සිල්වා Saturday, 18 February 2023 01:07 PM

අනාගතයේ බලය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස චීනයේ ක්‍රියා කලාපය ගැන හොඳින් අවබෝධ කරගත යුතුයි...

:       3       29

Prabha Saturday, 18 February 2023 02:07 PM

චීනගෙන් ණයට අරගෙන ගොඩ ගියපු රටක් තියෙනවද? අනික චීන ණය දෙන්නේ ණය අයකරගන්න බලාගෙන නෙවෙයි. ඒ රටේ වටිනා දේපළ මංකොල්ල කන්න බලාගෙන...

:       3       19

SusilSunday, 19 February 2023 08:02 AM

චීනයෙන් වැඩිපුරම ගිනිපොළියට ණය ගත්තේ රාජපක්ෂ ආණ්ඩුවයි. චීනය මහින්ද රාජපක්ෂගේ ඔලුවට පිස්තෝලයක් තියලා කිව්වාද අපෙන් ගිනිපොළියට ණය ගන්න කියලා? රාජපක්ෂ පවුලට හොරාකන්න ඕනෑ නිසා ආදායම් නොලබන අනවශ්‍ය ව්‍යාපෘතිවලට ගිනි පොලියට ණය අරගෙන රට විනාශ වන තත්ත්වයට පත් කළා නේද? රාජපක්ෂලා හොඳට හොරා කෑවා, රටේ ඉන්න සමහර මෝඩ ජනතාව පලුයන්න චීනෙට බනිනවා.

:       0       2

Kanthi Saturday, 18 February 2023 02:34 PM

ගත්තු ණය නොගෙවන රටකට තවතවත් ණය දෙන්නේ කවුද? ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝනය කරන මේ වගේ බංකොලොත් වෙච්චි දේශපාලනයක් තිබෙන රජයකට කවුද ණය දෙන්නේ...?

:       22       12

de silva berlin Saturday, 18 February 2023 02:55 PM

චීනෙ බලන් ඉන්නේ අර ගමේ පොලී මුදලාලියි, වගේ අපි නැත්තටම නැති වුණාම ඇවිත් අපේ රටේ මර්මස්ථාන ටික සින්න කරගන්න.

:       6       25

de silva Saturday, 18 February 2023 03:22 PM

චීනය මේ විනාසේ අපට පමණක් නොව ලෝකයේ 3 වැනි ලෝකයේ රටවල් කීපයකටම කරලා තියෙනවා...

:       1       22

channa Saturday, 18 February 2023 05:28 PM

කිසිම රටක් මේ රටට බලෙන් ණය දුන්නේ නැහැ. ලබා ගත් ණය, නැවත ගෙවිය හැකි ආදායමක් ලබන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම, ණය ලබාගත් පාර්ශවයේ වගකීම වන අතර එය චීනයේ වැරැද්දක් නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site