IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රියෙන් වැඩට යන්න ආ දෙදරු මව දුම්රියේ ගැටී මරුට

(සුමිත් පොතුපිටිය)

පෞද්ගලික ආයතනයක සේවයට යාම සදහා දුම්රියට ගොඩවීමට පැමිණි දෙදරු මවක අද උදෑසන දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මහ වස්කඩුව, සිරිල් මාවතේ පදිංචිව සීටී සමරවීර මුදලිගේ චින්තා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි දෙදරු මවක බව සදහන් වේ.

ඇය අද උදෑසන 6.03 ට නැවතුම්පොළ නොම්මර එක දුම්රිය ස්ථානයට ළගාවන මරදාන බලා ධාවනය වන දුම්රියෙන් කොළඹ දෙසට ගමන් කිරීමට පැමිණ ඇති අතර  විරුද්ධ මංතීරුවෙන් කොළඹ දෙසට ධාවනයවූ අංක 940 දරණ දුම්රිය එන්ජිමේ ගැටී එම ස්ථානයේම මියගොස් ඇතැයි දුම්රිය බළධාරියෙක් පැවසීය .

එම ස්ථානයට පවුලේ සාමාජිකයන් පැමිණ දේහය හදුනාගෙන තිබු අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .

 



අදහස් (5)

දුම්රියෙන් වැඩට යන්න ආ දෙදරු මව දුම්රියේ ගැටී මරුට

Santhu Saturday, 18 February 2023 09:34 AM

පව් අප්පා... කෝච්චියට නගින්න ඉක්මණින් දුවලා එන්න ඇති. ඇයට නිවන් සුවය ලැබේවා!

:       0       40

පිටිගල මිලානෝ Saturday, 18 February 2023 11:31 AM

මේ පුවත කොහොම දරාගන්නද…? ශක්ති සම්පන්නව ජීවත්වෙමු…..

:       0       21

Sunil Saturday, 18 February 2023 12:57 PM

දුම්රිය දෙකක් විරුද්ධ දිශාවට එකළඟින් එනකොට ශබ්දය එන්නේ කුමන දුම්රියෙන්දැයි හඳුනාගන්න බැහැ... ඒ නිසයි කියන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් වළකින්න කියා... මාර්ගය දෙපැත්තේ ගමන් කරන්න. දුම්රිය මග හරහා මාරුවීමට අවශ්‍ය නම් හොඳින් දෙපැත්තම බලා ආරක්ෂා සහිත නම් පමණක් නම් මාරුවන්න.

:       0       28

ranjith Saturday, 18 February 2023 01:25 PM

දහසක් ප්‍රශ්න නේද ජීවත් වෙන අහිංසක මිනිස්සු... පව්...!

:       0       27

sugath Saturday, 18 February 2023 05:38 PM

මේ තමයි අද රටේ සාමාන්‍ය මිනිසුන් විඳින ජීවන අරගලය. මේ වියෝවීම දරුපවුල කෙසේ දරා ගත්තාද යන්න සිතා ගත නොහැකියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site