(සුමිත් පොතුපිටිය)
පෞද්ගලික ආයතනයක සේවයට යාම සදහා දුම්රියට ගොඩවීමට පැමිණි දෙදරු මවක අද උදෑසන දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහ වස්කඩුව, සිරිල් මාවතේ පදිංචිව සීටී සමරවීර මුදලිගේ චින්තා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි දෙදරු මවක බව සදහන් වේ.
ඇය අද උදෑසන 6.03 ට නැවතුම්පොළ නොම්මර එක දුම්රිය ස්ථානයට ළගාවන මරදාන බලා ධාවනය වන දුම්රියෙන් කොළඹ දෙසට ගමන් කිරීමට පැමිණ ඇති අතර විරුද්ධ මංතීරුවෙන් කොළඹ දෙසට ධාවනයවූ අංක 940 දරණ දුම්රිය එන්ජිමේ ගැටී එම ස්ථානයේම මියගොස් ඇතැයි දුම්රිය බළධාරියෙක් පැවසීය .
එම ස්ථානයට පවුලේ සාමාජිකයන් පැමිණ දේහය හදුනාගෙන තිබු අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා... කෝච්චියට නගින්න ඉක්මණින් දුවලා එන්න ඇති. ඇයට නිවන් සුවය ලැබේවා!
මේ පුවත කොහොම දරාගන්නද…? ශක්ති සම්පන්නව ජීවත්වෙමු…..
දුම්රිය දෙකක් විරුද්ධ දිශාවට එකළඟින් එනකොට ශබ්දය එන්නේ කුමන දුම්රියෙන්දැයි හඳුනාගන්න බැහැ... ඒ නිසයි කියන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් වළකින්න කියා... මාර්ගය දෙපැත්තේ ගමන් කරන්න. දුම්රිය මග හරහා මාරුවීමට අවශ්‍ය නම් හොඳින් දෙපැත්තම බලා ආරක්ෂා සහිත නම් පමණක් නම් මාරුවන්න.
දහසක් ප්‍රශ්න නේද ජීවත් වෙන අහිංසක මිනිස්සු... පව්...!
මේ තමයි අද රටේ සාමාන්‍ය මිනිසුන් විඳින ජීවන අරගලය. මේ වියෝවීම දරුපවුල කෙසේ දරා ගත්තාද යන්න සිතා ගත නොහැකියි...