’’ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය වෙයි’’ ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවුවේය. 15 July 2022
’’විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා’’ විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ)පැවසීය. 15 July 2022
රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. 15 July 2022
තුවාලකරුවන් බලන්න හමුදාපති විකුම් යුද හමුදා රෝහලට යයි බත්තරමුල්ල පොල්දූව වටරවුමේදී පසුගිදා ඇති වූ නොසන්සුන්තාවය අතරතුර පහර කෑමට ලක්ව තුවාල ලැබූ හමුදා සාමාජිකයන් ගේ සුව දුක් බැලීමට හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ හමුදා රෝහලට පැමිණියේය . 15 July 2022
ජනතා සේවයේදී හිනාව ඕනෑ: නැතිනම් දඩ සිනහමුසුව ජනතා සේවය නොකරන රාජ්‍ය සේවකයන්ගෙන් දඩ අය කර ගන්නා බව, පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පවසා තිබේ. 15 July 2022
පාර්ලිමේන්තු මහලේකම්ගෙන් විශේෂ ඉල්ලීමක් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කිරීම සඳහා හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවත් එම රැස්වීමට සහභාගී වන ලෙසත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියළු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි. 15 July 2022
නව ජනපතිවරයෙක් පත් කරන දින නියම වෙයි නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇත. 15 July 2022
අලුත් ජනපති පාර්ලිමේන්තුවෙන් තෝරන්නේ මෙහෙමයි නව ජනපති පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් ඉදිරි දිනෙක දී තෝරා පත්කර ගැනීමට නියමිත ය. 15 July 2022
පොහොට්ටුවෙන් නිවේදනයක් දේශපාලන ලෝකය තුළ බලය ලබා ගැනීමට ප්රයත්නය දැරුවත් බලය සහ තනතුරු අතහැරීම සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එම අසීරු තීරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 15 July 2022
රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත. 15 July 2022
නව ජනපති තේරීම දින හතක් ඇතුළත නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 15 July 2022
ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. 15 July 2022
ජනාධිපති ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පෙරවරුවේ නිකුත් කිරීමට නියමිත බව කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි. 15 July 2022
හොර පෙට්‍රල් සමග තුනක් සැකපිට පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සදහන් කරයි 15 July 2022
ඩීසල් - පෙට්‍රල් නැව් තුනක් 17 වැනිදා එයි ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 බැගින් වන නෞකා තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් සහිත නෞකාවක් මේ මස17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිළධාරියෙකු පැවසීය. 15 July 2022
බස්නාහිර,සබරගමුව ඇතුළු පාළාත් කිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 July 2022
ලංකා සභාවෙන් නිවේදනයක් පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැනීමට කටයුතු කළ යුතු ආරක්ෂක හමුදා සහ පොලිසිය මෙම තීරණාත්මක අවස්ථාවේදී අවබෝධයෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් වගකීම්සහගතව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 July 2022
මාලදිවයින් කතානායකගෙන් ටිවිටර් පණිවිඩයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි මාලදිවයිනේ කතානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 July 2022
‘‘ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලා නෑ‘‘ පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ දුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 14 July 2022
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස හෙට දිවුරුම් දෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. 14 July 2022
ගිනි අවිය පැහැර ගැනීම ගැන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය පාර්ලිමේන්තුව අසලදී හමුදා සෙබළකුට පහරදී ඔහු සතුව තිබූ ගිනිඅවිය සහ උණ්ඩ හැටක් අඩංගු මැගසින් දෙක පැහැරගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 14 July 2022
ජනපති ඉල්ලා අස්වීම කතානායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) රාත්‍රීයේ එවා ඇත. 14 July 2022
පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගලයට එනවා රට පත්ව ඇති ව්‍යාකූල තත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා අද (14) පැවසීය. 14 July 2022
නිව්මෝනියාවෙන් වෛද්‍යවරයා මරුට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 14 July 2022
නව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියට නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 14 July 2022
පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට නැවත රැස්වෙති මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය. 14 July 2022
ලිපිය ප්‍රමාදයෙන් නව ජනපති පත් පත්කිරීමත් කල්යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියමිත දිනයට ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදීම නිසා පාර්ලිමේන්තුවෙන් අභිනව ජනාධිපතිවරයා පත් කිරීමද තවදුරටත් කල් යනු ඇත. 14 July 2022
‘‘ජනපතිකම බාර ගන්න සූදානම්‘‘ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද පැවසීය. 14 July 2022
ගෝඨා-රනිල් යන තුරු රට පුරා වැඩවර්ජන, හර්තාල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජන සහ හර්තාල් ව්‍යාපාර ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. 14 July 2022
ඉන්ධන හිඟය දිඹුලාගල ආරණ්යටත් දැනිලා රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පිට පළාත්වලින් රැගෙන එන දානමාන අහිමිවිම හේතුවෙන් ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඇතුළු සාමණේර හිමිවරුන් විවිධ අසීරුතාවට පත්ව ඇති බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ. 14 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025