
(යොහාන් භාසුර)
නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කළ කඩොලාන පැළ තවාන උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) විවෘත කළේය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කරන කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ, සියළුම නාවික විධානයන් තුළ ගංඟා මෝය සහ කලපු ආශ්‍රිත සමුද්‍රීය පරිසර පද්ධතිය රැකගැනීම වෙනුවෙන් කඩොලාන සංරක්ෂණය සහ නැවත සිටුවීම වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් ඌරුමලේ නාවික අනුකණ්ඩය කඩොලාන පැළ 2400 ක් රෝපණය කළ අතර ඉදිරියේදී මෙම කඩොලාන පැල උතුරු මැද නාවික විධානයේ ගංඟා මෝය සහ කලපු ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සිටුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැල සිටවන්න ඇඳන් ඉන්න ඇඳුම දැක්කාම පෙනෙනවා වැඩේ බොරුවක් බව.
එක කාලකන්නියෙක් පාටියකදී බීලා ගැබිනි මවකට පහර දුන්න එකට මුලු හමුදාවටම බැනපු ගොන් හැතිකරේ මේවට මීක් නෑ. පුලුවන් නම් මේකටත් බැනපන්කෝ රණවිරු ගාය කියල.