(යොහාන් භාසුර)
කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගි සති අන්ත දුම්රිය මේ මස 26 වැනිදා සිට සෑම ඉරිදා දිනකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35 ට ළගාවීමට නියමිත බවත් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පස්වරු 5.25 ට පිටත්ව රාත්‍රී 8.03 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd