(විමුක්ති එස් රුද්‍රිගු)
චීන එක්සිම් බැංකුව දැනටමත් වසර දෙකක ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව ණය ගෙවීමේ පීඩනයට සහනයක් ලැබෙන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
ලබා දී ඇති ණය සහනය අනුව 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති පොලී හෝ ණය මුදල්, ගෙවීමට අවශ්‍ය නොවන බව වැන්ග් වෙන්බින් මහතා පෙන්වා දී ඇත.මෙම කාල සීමාව තුළ මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ණය සහනයක් ලබා දීම සඳහා එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලි සාකච්ඡාවක නිරත වීමට සුදානම් බව වැන්ග් වෙන්බින් මහතා පවසා තිබේ.
එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සිය උපරිම ධාරිතාවයෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා චීනය උපරිම සහාය ලබා දෙන බවත් වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම මැතිවරණ බේගල් .අපි ඕවට අහුවෙන්නේ නැහැ
කෙටිකාලීන ණය අවුරුදු දෙකක් පස්සට දාලා දිගු කාලීන ණයක් දෙන්නයි කල්පනාව
අපේ රටේ මෝඩ දේශපාලුවො නිසා චීනෙත් නිකන් බැනුම් අහ ගන්නව.
චීනයේ ධනාත්මක ප්‍රතිචාරය පමණක් නොව IMFද ජනවරම හරහා තේරී පත් වූ ස්ථාවර රජයක් බලා සිටිනු ඇත., ඔවුන් විසින් ලබා දෙන අරමුදල් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සමත් විය යුතු අතර, අනුප්‍රාප්තික රජය එය ආපසු ගෙවීමට ගන්නා ක්‍රියාමාර්ග ද විය යුතුය.වෑල්ඩින් කරන ලද රජයක් තාවකාලිකව බලයේ රැඳී සීටීම දුෂණයෙන් තව තව රට ගිලගනිය්.අපේ වැරදි වලට අනුන්ට දොස් කියලා වැඩක් නෑ.අපි තමයි මේ කම්බ හොර තක්කඩියන් පත්කළේ.......අපි දැන් මුළු ලෝකෙන්ම හිගාකනවා.