සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක් ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 05 January 2023
කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ. 05 January 2023
ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 05 January 2023
වී ගන්න සල්ලි දෙන්නැයි කැබිනට්ටුවෙන් ඉල්ලයි 2022/23 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. 05 January 2023
රට වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට ආරාධනයක් රටේ සංවර්ධනය වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 January 2023
වියළි කාලගුණ තත්වයේ වෙනසක් දැනට පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් අද (5) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2023
දේශපාලන හයියෙන් කතුන් විකුණලා ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි . 05 January 2023
දුම්රියේ යකඩවලට ගේමක් දෙන්න යයි දුම්රිය දෙපාර්තුමේන්තුව සතු මෙට්‍රික්ටොන් 7000 ක යකඩ තොගය කිලෝ එකක් රුපියල් 43 කට විකිණීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගානක පාඩුවක් කිරීමට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. 05 January 2023
තණමල්විල දරුවන්ට දිවා ආහරය නැති වේ තණමල්විල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ ප්‍රාථමික පාසල්වල දරුදැරියන් සදහා ලබා දෙනු ලබන දිවා ආහාරය නවතා දමා ඇතැයි මව්පියෝ පවසති. 04 January 2023
සිඟන්නාට දත් කැඩෙන්න ගහලා පොල් ගසකින් වැටී කොන්දකැඩී, රිය අනතුරකින් දකුණු පාදය කපා ඉවත් කළ සිඟමන් යදිමින් සිටි යාචකයකුට දත් තුනක් කැඩෙන්න පහරදී ඔහු ගමන් කරන රෝද පුටුවටද අලාභහානි කළ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. 04 January 2023
විදේශ සේවා නියුක්තියේ ලක්ෂ 40ක යතුරු පැදි දිරන්න ඇරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණු මධ්‍යස්ථාන සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් වැය කරමින් මිලදී ගත් යතුරුපැදි 22ක් වසර 12 තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තවමත් රථගාල්වල තිබෙන බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 04 January 2023
සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිවෙලා සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(4) කොළඹදී පැවසීය. 04 January 2023
සැකකරුවකු මුදා ගන්න ගිය තරුණියක සහ කාන්තාවක අල්ලයි ගංජා ජාවාරමේ නිරතව සිටි බව කියන 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී එම සැකකරු මුදා ගැනීමට උත්සාහ කළේ යැයි කියන 19හැවිරිදි තරුණියක සහ 27 කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව මුලස්ථාන මුලස්ථාන පොලිසිය පවසයි. 04 January 2023
පාප් තුමන්ට ගෞරව ලෙස ජාතික කොඩිය අඩකුඹු කරයි 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල හෙට (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ. 04 January 2023
අධිකරණයට අපහාස කළ වැලිකන්ද සභාපති කූඩු කරයි අධිකරණයට අපහාසාත්මක වන අයුරින්,අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා කර තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් එම්.එම්. ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය. 04 January 2023
පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දුන්නේය. 04 January 2023
ලිට්රෝ ගෑස් මිල හෙට අඩු වෙයි ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් ’ලංකාදීප’යට පැවැසීය. 04 January 2023
යුක්තිය ඉල්ලා ගුවන් සේවා නිලධාරිය අධිකරණයේ හඬා වැටෙයි විශ්‍රාමික නීතීපතිවරයකුගේ සේවය ගැනීම නිසා අත්අඩංගුවට ගත් තිදෙනකුට නඩු පවරන්නේම නැතිව නිදහස් කළ නීතීපතිවරයා විශ්‍රාමික නීතීපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වු මට විතරක් නඩු පැවරුවා යැයි ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට චෝදනා ලැබු ගුවන් සේවා නිලධාරියකු විත්ති කූඩුවේ සිට හඬා වැටෙමින් මීගමුව මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවේ පැවසීය. 04 January 2023
අනුරාධපුර-වවුනියාව දුම්රිය ධාවනය හෙට සිට නවතී මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු මුලික අදියර වන අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය හෙට (5) සිට අත්හිටුවයි. 04 January 2023
පේරාදෙණි සිසුන් යළි රිමාන්ඩ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා යළි මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය. 04 January 2023
ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 January 2023
ඩෙංගු මදුරුවා පුත්තලමට කෝටි ගණනක් පාඩු කරලා පුත්තලම නගරයෙ ඩෙංගු මර්දනයට නගරයෙ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමා නිවාස පිරිසිදු කර ගැනිමට කටයුතු කරන ලෙස පුත්තලම නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පුත්තලම ජුම්මා දෙවස්ථානය දැනුම් දිමේන් 4 දින රුපියල් කෝටි ගනනක් පාඩුවක් සිදුවු බව ව්‍යාපාරිකයෝ පවසති. 04 January 2023
ප්‍රවාහන අධිකාරිගේ වැඩෙන් අඩ පැයක් දුම්රිය ප්‍රමාද කරලා ප්‍රවේශ පතක් නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යෑමට උත්සාහ කළ නාවලපිටිය සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙක් දුම්රිය නියාමකවරයෙක් සමඟ ගැටුමක් ඇතිකරගැනීම නිසා දුම්රිය ප්‍රමාද වීමේ සිද්ධියක් වාර්තා වේ. 04 January 2023
බොරතෙල් මිල තවත් පහතට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 January 2023
බාල බෙහෙත්වල කෝටි 9ක් තවමත් අය කරගෙන නැතිලු රජයේ ඖෂධ නීතිගත සංස්ථාව බාල ඖෂධ (වෛද්‍ය සැපයුම්) සැපයු සැපයුම්කරුවන්ගෙන් රුපියල් නව කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්(2020 දෙසැම්බර් 31 වෙනි දිනට) අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 04 January 2023
නිර්මල බුදු දහම - දළදා මාලිගාව බේරා දෙන්න දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ල 04 January 2023
රෝහල්වලට බිත්තර අහේනියක් මෙරට රෝහල් පද්ධතිය වෙත බිත්තර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. 04 January 2023
ජාජබ රැලියට මහ සෙනඟක් ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි. 04 January 2023
සිවකුමාර් නඩේසන්ට භාරතයෙන් සම්මානයක් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ සිවකුමාර් නඩේසන් මහතා මෙම වසරේ (2023) ප්රවාසි භාරතීය සම්මානය සඳහා ඉන්දියානු රජය තෝරාගෙන ගෙන තිබේ. 04 January 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අලුත් අධ්යක්ෂවරියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ. 04 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026