පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසියක් පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. 16 July 2022
තැන තැනට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 July 2022
සෝභිත හිමියෝ අනතුරු අඟවති අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ. 15 July 2022
වැඩබලන ජනපතිට මහා සංඝරත්නයේ ආශිර්වාද ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. 15 July 2022
කටුගහහේන රෝහලෙන් දේව ක්‍රියාවක් පාපැදියෙන් ගොස් ඉතිරිකරගත් ඉන්ධනවලින් තම පෞද්ගලික මෝටර් රථයෙන් හෘදරෝගියකු කළුතර මහරෝහලට රැගෙන ගොස් එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කළුතර කටුගහහේන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවරගත් පුවතක් මතුගම කටුගහහේන රෝහලෙන් වාර්තා විය. 15 July 2022
සති අන්තයෙත් පැය 3ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද සහ හෙට (16 සහ 17) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
රටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම නවතී ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 15 July 2022
ජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවා ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
පොහොට්ටුවේ නිල සහාය රනිල්ට පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 July 2022
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් අද රාත්‍රී කොළඹට ළගාවෙයි ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (15) රාත්‍රී ළගාවී නියමිත බවත් එම ඩීසල් තොගය හෙට පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය. 15 July 2022
හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි සොයන්න බලය පවරයි කැරලිකරුවන් අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 15 July 2022
අරලියගහ මන්දිරයට හානි කරලා අරගලකරුවන් විසින් අරලියගහ මන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි. 15 July 2022
දිය නෑ දරුවා කිඹුලාට බිලි මව පියා සමග දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවකු කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි. 15 July 2022
අගමැතිකම දිනේෂ්ට දෙන්න සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 15 July 2022
පොහොට්ටුවේ සහාය ඩලස්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ ,පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 15 July 2022
මහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද (15) නිකුත් කළේය. 15 July 2022
රෝද තුනේ ගමන ගිනි ගණන් මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු කිහිප ගුණයකින් ඉහළ යාමත්, ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් රුපියල් දහස් ගණනින් ගාස්තු අය කිරීමත් නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 15 July 2022
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2022
විශේෂ කැබිනට් රැස්වීමක් අද සවස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.00 විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීම නියමිතය. 15 July 2022
ඩලස් ජනපති වෙන්න සූදානමින් පාර්ලිමේන්තු සම්ප්රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 15 July 2022
’’කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා’’ කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන අතර කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 15 July 2022
ජනපති තෝරන කාලයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. 15 July 2022
දින 5කදී ලිට්රෝ ගෑස් 440,000ක් බෙදයි ලිට්රෝ ගෑස් සමාගම පසුගිය 11 වැනිදා සිට අද (15) දක්වා දින පහ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15) පැවසීය. 15 July 2022
රනිල් ‘‘අතිගරු ගලවයි‘‘ ජනාධිපති වරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 15 July 2022
‘‘පොහොට්ටුව ජනපති - අගමැති දෙකම ගන්න හදනවා‘‘ ජනතා අභිලාෂයන්වලට පයින් ගසා පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කර රට ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(15)පැවසීය. 15 July 2022
සියලු රජයේ පාසල් 21 යළි අරඹයි රජයේ සහ රජයේ අනුමත පාසල් ලබන 21 වැනිදා (බ්‍රහස්පතින්දා) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 15 July 2022
’’ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය වෙයි’’ ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවුවේය. 15 July 2022
’’විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා’’ විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ)පැවසීය. 15 July 2022
රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. 15 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025