ඉන්ධන හලේ පිහි පහරින් තුනක් රෝහලට කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි තිදෙනකු තියුණු ආයුද ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව නිට්ටඹුව පොලීසිය. 18 July 2022
මැයි නවය සිද්ධියට 3215ක් අත්අඩංගුවට මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 3215 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 18 July 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2022
පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ කෝප්රල් අත්අඩංගුවට හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලෙහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 18 July 2022
පුවක් ලීයකින් පහර කෑ මිතුරා දින 4 කට පසු මියයයි හෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුවක් ලීයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 18 July 2022
කදුළු ගෑස් උණ්ඩ 50 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහරදී කඳුළු ගැස් වායු උණ්ඩ 50ක් පැහැර ගත් පුද්ගලයකු වැලිකඩ ඔබේසේකරපුර,නානයක්කාර මාවතේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 18 July 2022
ඉන්දීය ජනාධිපතිවරණය අද ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. 18 July 2022
ඉන්ධන දෙන්න නම් පෝලිමෙන් යන්න සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඊළඟ බෙදාහැරීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය සහ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනිවාර්ය බවත් දැනට පෝලිම්වල තිබෙන වාහන ඉවත්කිරීමෙන් පසුව පමණක් ඉන්ධන බෙදාහරින බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 17 July 2022
රනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ සංවිධායකගේ පුතා රටින් පනී? වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 17 July 2022
මධ්‍යම අධිවේගයේ කඩවත - මිරිගම කොටස කොට උඩ යයිද මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. 17 July 2022
මන්ත්‍රීවරුන්ට බලපෑම් කළොත් වැඩ වරදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ දී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. 17 July 2022
අනිද්දා රනිල්ට එරෙහිව විරෝධතා දිනයක් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙස බලකරමින් ඉදිරි දින දෙක තුළ බරපතල ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් අනිද්දා (19 වැනිදා) විරෝධතා දිනයක් බවට පත්කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද (17) පස්වරුවේ පැවසීය 17 July 2022
අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල පහත දැමීමට අද (17) පස්වරුවේ පියවර ගත්තේය. 17 July 2022
ඉන්ධන බලපත්‍රයට ලක්ෂ 10 ක් ලියාපදිංචි වෙති බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන් ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට පුද්ගලයන් ලක්ෂ 10 ක සංඛ්‍යාවක් අද (17) පස්වරුව වන විට ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යංශය පැවසීය. 17 July 2022
‘‘රනිල් යටතේ අගමැති ධූරය ගන්නේ නෑ‘‘ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගැනීමට කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (17) පැවසීය. 17 July 2022
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පාස්පෝට් උප කාර්යාලයක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආගමන හා විගමන උප කාර්යාල වාහාම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 17 July 2022
‘‘මත භේද පැත්තකට දමා අවංකව කටයුතු කරන්න‘‘ දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙක ලා අවංක, කාගේත් විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කරගැනීම සඳහා මෙම අවස්ථාවේදී එකඟතාවයකට පැමිණෙන්නැයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 July 2022
ඉන්ධන මිල පහළ දමයි ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පස්වරුවේ පියවර ගත්තේය. 17 July 2022
ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක් ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. 17 July 2022
දියණිය මවට මෝල්ගසෙන් ගසා මරා දමයි 38 හැවිරිදි දියණියක 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 17 July 2022
නූපන් දරුවා සමඟ අම්මයි තාත්තයි වෑන් රියට බිලි වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යට වූ ගැබිණි මවක සහ ඇගේ සැමියා එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය කියයි. 17 July 2022
දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 17 July 2022
‘‘පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 17 July 2022
ජංගම ඉන්ධන පිරවුම්හල් එයි ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 17 July 2022
වාසුගේ සහාය ඩලස්ට ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 17 July 2022
ආහාර හිඟයට පලා කැඩූ දරුවාට කිඹුල් ප්‍රහාරයක් නිවසේ ඇති ආහාර හිඟයට පිළියමක් ලෙස පලා ටිකක් කැඩීමට දෙටගමුව වැවට ගිය පිරිසක් අතර සිටි 13 හැවිරිදි දරුවකු කිඹුලෙක් ඩැහැගෙන යද්දී අසල සිටි පිරිස වැවට පැන දරුවා බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. 17 July 2022
පැය 3 ක විදුලි කප්පාදුව තව දින දෙකකට දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින දෙකට දීර්ඝ කරමින් හෙට සහ අනිද්දා (18 සහ 19) දක්වා ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පෙරවරුවේ පැවසීය. 17 July 2022
තෙල් ඇප් එකේ වෙනෙසක් වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය. 17 July 2022
පොහොට්ටු මන්ත්‍රීගේ වැනසූ ගෙවල් හදන්න සූදානම් ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් නිවාස ඇතුලු දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒ නිවාස සාදාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. 17 July 2022
පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. 17 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025