(ඩයනා උදයංගනී)
මේ වන විට ශ්‍රී ලංකාව කැකිල්ලේ රජුගේ රාජ සභාවේ ගත් ආකාරයේ තීන්දු ගන්නා රටක් වී ඇතැයි ජනතා නිදහස් සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ජනතාවගේ ඡන්ද අයිතිය ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ මුද්‍රණාලාධිපතිනිය එක්ව ගලවා ඉවත්කිරීමට උත්සාහ කළත් එය නිලධාරින් කිපදෙනකුට අවශ්‍ය පරිදි කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මෙවැන්නක් වූයේ පළමු වතාවට බවත්, ජේ.ආර් ජයවර්ධන මහතාට පවා ඡන්දය කල්දැමීමට පදනමක් තිබූ බවත් කී මන්ත්‍රීවරයා මෙක රටකට විය හැකි නරකම දෙයක් බව ද කීවේය.
රටේ අර්ථිකයට විය හැකි නරකම කොටස පසුගිය ජනපතිවරයා කළ අතර, වත්මන් ජනාධිපතිවරයා ඉතිරිය කරමින් සිටින බව ඔහු පැවසීය.
චරිත හේරත් මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම රජයේ බදු ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බව ද හෙතෙම කීය.
විදුලිබිල වැඩි කර විදුලිය කැපීම නැවැත්විය හැකිවූයේ රුපියල්වලින් බිල වැඩිකළ විට ඩොලර් ලැබුණේ කෙසේද යන්න ගැන ගැටලුවක් ඇති බවත්, බිල වැඩිකිරීම වූ ආකාරය සම්බන්ධයෙන් ද ගැටලු ඇතිවූ බවත් මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මොහුගේ තනතුර ගැන සැකයි... කියත්තු කියාගත් මොවුන් එකතුවෙලා ජනතාව දඬු අඩුවේ මිරිකන්න හිට්ලර් කෙනෙක් ගෙනාවා... ජනතාව මොවුන්ගේ උපදේශකත්වයේ තිබුණු කියත්මගේ පාලනය වෙනස්කළා.. මුන්දැලා කිසිවක් නොවුනු ගාණට ගෙම්බෝ වගේ පැනලා දැන් උන්ම පිහිටුවා ගත් පාණ්ඩුව හොඳ නැහැ කියනවා. කවුද අප්පා මෙහෙම අලුගුත්තේරුවන්ට මනාපය දුන්නේ කියලා කියනවාද...?
කියන කාරනේ නෙවෙයි, කියන කෙනා දැක්කාම හිනායනවා...
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආවත් මොහු කියන කතාව සත්‍ය බව පිළිගන්න වෙනවා. මොහු බේරුවල රත්තරන් වගේ කෙනෙක් නොවේ...