(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ ගොවීන් වගා කළ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160කට මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙවර මහ කන්නයේ දී හෙක්ටෙයාර් 65,000ක බඩ ඉරිඟු වගාකර තිබෙන අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 135,000 කි. එමෙන්ම 2023 යල සහ මහ කන්න දෙකේ දී හෙක්ටෙයාර් 130,000ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. ලංකාවෙි වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතරමැදි වෙළඳුන් ගන්නේ රුපියල් 120ට... මෙම හොර වෙළඳුන් ඉන්නාතුරු අසරණ ගොවියාට සෙතක් නැත...
2023/2024 මහ කන්නයේ වගා කර ඇති බඩ ඉරිඟු සදහා සාධාරණ මිලක් අවශ්‍ය වේ