(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර තිබෙිදැයි පාර්ලිමේන්තුව සහ සියලු ජනතා නියෝජිතයන් වගකීමෙන් යුතුව පරීක්ෂා කර බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩ සටහනකට ඇතුලත් වීමට නොහැකි වුවහොත් කිසිම විදේශ රටක් සමග ගනුදෙනුවක් කිරීමට නොහැකි වීම නිසා සමස්ථ ව්‍යාපාර පද්ධතියම කඩා වැටිමට ඉඩ තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබෙිවර්ධන මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ මත දරණ කිසිවෙකු විසින් හෝ පුද්ගලයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප යෝජනා ද ඉදිරිපත් කර නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය පමණක් බවද අප මතක තබා ගත යුතුයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ එකඟතාවයක් ලද වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එය ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමටද අයිතිය ඇත. එසේ අයිතිය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් නොකරන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ බයිලා අහපු කාලේ ඉවරයි
මැතිවරණ කොමිසම වේවා එය නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුව වේවා දේශපාලුවො ඇගිලි නොගසන තැනක් වියයුතුය එයට බාධා කිරීම ස්වාධීනත්වයට නුසුදුසුයි ඒ වගේම කියන්න ඕන මැතිවරණ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්‍යාල නාමපුවරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නමින් පමණක් තිබිය යුතුය කියලා එහි සිටින නිළධාරින්ගේ තනතුරු අනුව කාර්යාලය හැදින්වීම ඉතාමත් පිළිකුල් සහගතයි.
මැතිවරණ කොමිසම පරීක්ෂා කරන්න ඔයාට ඇති බලේ මොකක්ද? තමන්ට කවුද පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ දුන්නේ...? පිනට පාර්ලිමේන්තු ගිහින් බුරන්නේ නැතිව ඡන්දයක් ඉල්ලලා දිනලා පෙන්නන්න.
කුඩු කිලෝ එකක් ගන්න බැරිද ?
මේ මනුස්සයා මහජන නියෝජිතයෙක්ද? පිනට රිංගගෙන පොර ටෝක් දෙන හැටි....
පින් ජනපතියාට හරියන කෙනෙක්. අවුරුද්දකින් කල් දාපු ඡන්දෙ මෙදා පාර තිබ්බොත් දූෂිත දේශපාලකයන්ට වෙනදේ දන්නවා. නොයෙකුත් උප්පරවැට්ටි දාලා නවත්වන්නයි හදන්නේ....
ගාල්ලේ කෝටි ගාණක් විනාශ කළ සම්මන්ත්‍රණ ශාලාව ගැනත් හොයමුද?
මේ පිං ජනාධිපතිගේ පිං මන්ත්‍රීනේ... දැන් විකාර කියන්නේ. මූණ දකිනකොටත් අප්පිරියයි.
මිනිස්සු අවුස්සන පුද්ගලයෙක්. මේ වජිර බලන්නේ මේ පීඩනයට පත්වුණු මිනිස්සු අපහසුතාවයට පත් කිරීමට... නියම සුදුස්සෙකු නොවේ...