(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවිගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උන්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතර අගුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එම ගිනි අවිය සහ උන්ඩ සහිත මැගසින් සොරාගත් බව කියන ගුවන් හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉකුත් විසි වෙනි දින මෙම සොරකම සැකකරු විසින් සිදුකර තිබිණි. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd