(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් දොඩම්ගොඩ දී සහ පානදුර උතුර දී හමු වූ බව පොලිසිය කියයි.
දොඩංගොඩ යටදොල පයාගල මාර්ගයේ හමුවූ මළ සිරුර වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයකු බවට සිතිය හැකි යැයි පොලීසිය කියයි.
උඩුකය නිරුවත්ව තිබූ එම මළ සිරුර තිබි ඇති අතර තැඹිලි පාටට හුරු කොට කලිසමක් හැඳ සිට ඇතැයි පොලිසිය කියයි.
පානදුර උතුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුර වයස අවුරුදු 40 පමණ පුද්ගලයකු බවට සිතිය හැකි යැයි ද සුදු පැහැති ටී ෂර්ටයක් සහ කෑමා වර්ගයේ කොට කලිසමක් හැඳ සිට ඇතැයි පොලිසිය කියයි.
මෘත ශරීර පානදුර මූලික රෝහලේ , සහ නාගොඩ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතීන් හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd