
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
ඡන්දෙට නැකතුත් සදාගෙන බලා සිටි නමුත් ඒකට කෙළවී තිබෙන බවත් ඡන්දෙ තිව්වොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ආසන ජයග්‍රහණය කරන බවත් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඡන්දෙ අවශ්‍ය නමුත් මුලින්ම කළ යුත්තේ බඩගින්නේ සිටින ජනතාවට කන්න දීම බව කී දිසානායක මහතා ඉහ මොල රත් වන බදු ගසා ඇතත් සියලුම දෙනා එක්ව දුක බෙදා ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.
ජනපතිගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව කී දිසානායක මහතා වසරකින් හෝ එකහමාරකින් නැවත ආර්ථිකය හරි ගැස්වීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
රටට කෙල වුනේ ආයෝජකයන්ට බය වූ නිසා යැයි ද වරාය නගරය රටට සම්පතක් කර ගත යුතුව ඇතැයි ද කී දිසානායක මහතා වරාය නගරය කිසිවකුත් උත්සාගෙන යාවි යැයි බිය විය යුතු නැති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලවුන්ටයි ගෙම්බන්ටයි මොන නැකැත්ද?
රට විනාශ කෙරුව පට්ට හොරු රැල දැන් බන කියනවා
චන්දේ තිබ්බොත් ගෙම්බට දැනෙයි කවුද දිනන්නේ කියලා
කොහෙද යන පිසසෙක්
මෙයාව ආයෙත් ඇතුලට ගියානම් මරු…
අනේ නිකන් පීචන් වෙන්න එපා... ගියසැරේ ඡන්දයෙන් ගෙදර ගිය කෙනා මේ සැරේ ආසනය දිනනවලු... දැන් ජනතාව ඔයවගේ මෝඩ නැහැ.
කන්ද උඩරට කට්ටිය මෙයා ගැන බලාගනිවී කියලා හිතනවා. පිස්සන් කොටුවෙන් පැනලා ප්ලාස්ටික් සර්ජරියක් කරලද කොහේද හොයාගන්න බැරිවෙලා තියෙන්නේ...!
නොදකින් විතරක්... මම හිතුවේ මෙයා දැන් නැහැ කියලා.
ඔබලා කවද්ද දුක බෙදා ගත්තේ...? දුක්බර, හිංසා, පීඩන සේරම රටේ සාමාන්‍ය ජනතාවට තමයි....
ඡන්දය තිබ්බනං මුන්දලාගේ නැකත්..... පත
තමුන්ගේ කෙරුවාවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති. හිතන්න එපා.... ආයෙත් ජනතාව රැවටිලා ඡන්දෙ දෙයි කියලා.. හදපු නැකත අකුලලා ගහ ගන්නවා අහවල් තැන...
දේශප්‍රිය, නෑ....නෑ මෙයාද නැකත් හදන්නේ..?
නොපමාව පින් රැස් කරන්න. නැතිනම් අපායෙදීත් මේ අයව හම්බවේවි...
හූනෙකුට වෙන්න ඇති. නැකත් උන්ටත් කියනවානේ...