(රංජන් කස්තුරි)
කැලණිය දුම්රිය ස්ථානයේ ප්රවාහන බඩු කිරන තරාදිය වසර දෙකක් තිස්සේ අක්රීයවීම නිසා ජනතාව මෙන්ම දුම්රිය සේවකයෝද බලවත් අපහසුතාවකට පත්ව සිටිති.
කැලණියට ආසන්න අවට ප්රදේශ රැසකින් ජනතාව විවිධ ප්රදේශවලට දුම්රියෙන් බඩු ප්රවාහනය කරන අතර තරාදිය අක්රීයවීම නිසා ඔවුන්ට හුණුපිටිය හෝ මරදාන දුම්රිය ස්ථාවවලට ගොස් එම කටයුතු කර ගැනීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.
පොල්,හාල්, තේකුඩු, ලී බඩු එළවළු ආදිය කැලණිය දුම්රිය ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්රදේශවලට ප්රවාහනය කළ අතර තරාදිය අක්රීයවීම නිසා වසර දෙකක සිට බඩු ප්රවාහනයට බාර නොගන්නා බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම බෙහෙත පෞද්ගලික අංශයට භාර දීම. රාජ්ය සේවයේ කැඳයින්ට පින්පඩි අරගෙන පෙලපාලිවලට යනවා හැර තම වෘත්තීය ගරුත්වය හෝ මහජන සේවය ගැන හිතන්න බෑ.හැඟීම් විරහිතය.
එකපාරක් නුගේගොඩ දුම්රිය ස්ථානයේ ඕක කැඩිලා හදන්නත් මාස ගණනක් ගියා . අපිට කිව්ව මහරගමට හරි කිරුලපනට හරි ගිහිල්ල බාර දෙන්න කියල පාර්සල්.
කොහේ සනීප වෙන්නද? දොස්තරලා දේශපාලන වැඩ කරද්දී එම්.එල්.ටී. ලා ආණ්ඩු හදන්න කියලා වර්ජන කරනවා... කෝච්චියට අටදාහක් මදි කියලා තැනින් තැන කෝච්චිය පැනපැන නවතිනවා. ඉතින් වෙදකමක් නැතුව තරාදිය වේලෙනවා...!