
(අංජුල මහික වීරරත්න)
අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන තව වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත උපහාර තිළිණ පිළිගැන්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා කප්පාදු කරමින් රට වනසන මේ පිනාධිපතිට මොන උපහාරද? මෙම පාසලට නිග්රහයකි...
එතකොට කපටිකම ලැබුණේ පරම්පරාවෙන්ද?
මොන උපහාරද? මේවා සංවිධානය කරන්නේ ඔය අයගේ ඒ අයගේ හෙංචයියන් තමයි...
පාසලට ඔබ ගෙනාවේ අගෞරවයක් නෙවේද හොරකම් කරමින් සහ හොරු ආරක්ෂා කරමින් ?
දරුවනේ මොවුන් දෙදෙනා කිසිවිටෙකත් ආදර්ශයට නොගන්න. දශක ගනනාවක් පාර්ලිමේන්තුවේ සිට ජනතා බදු මුදලින් සියලු වරප්‍රසාද භුක්ති විඳමින් සිට ලංකාව බංකොළොත් තත්වයට පත්කිරීමට ප්‍රතිපත්ති තීන්දු ගත් ප්‍රධාන වග උත්තරතරුවන් දෙදෙනෙකි මොවුන්. ඉතා කෙටියෙන්ම පවසතොත් ඔබලාගේ අනාගතය විනාශ කිරීමට සෘජු දායකත්වය දුන් පුද්ගලයන් දෙදෙනෙකි.
අධිෂ්ඨානයෙන් යුත්ව මහ බැංකුව කැඩුව හොරු එක්ක එකතු උනොත් රට විනාශ කරන්න හවුල් වෙන්න තමයි අපිටත් වෙන්නේ.
සත්‍ය වශයෙන්ම,මේ වැනි උත්සවයක් සංවිධානය කරනු ලැබූ රාජකීය විදුහලේ විදුහල්පති ඇතුළු එයට සම්බන්ධ වූ අය ඒ ගැන නැවත සිතා බැලිය යුතුයි.මින් එක් අයෙකු රාජපක්ෂ වරුන්ට සිත්සේ රට බංකොලොත් කරන්නට ඉඩ ලබාදුන්නා.පාලනයේ සිටි රාජපක්ෂ සහෝදරයන් දෙදෙනා ජනතාව පන්නා දැමීමෙන් අනතුරුව ජනතාව ප්‍රතික්ෂේප කොට සිටි පින් ආසනයක් හිමි අයෙකු පොහොට්ටු රජයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති විය.එය මහජන මතය අනුව සිදුවූවක් නොවේ.තෙල් මිල,බඩු මිල, බදු බර වැඩි කරමින් රට හොරා කෑ දූෂිතයන් රකීමින් මේ යන ගමන ගැන සුබ සිහින දකින්නට පුලුවන්ද ? තවත් වසර 25 ක් ගැන කුමන කතාද ? වර්තමානයේ හොරු ඇල්ලීම සඳහා කටයුතු නොකරන අය තව වසර 25 කින් කරනවා යැයි කියන මේ සුරංගනා කතාව සිහිනයක්ම පමණක් නොවේ ද? තවත් වසර 25 කින් කියනා අයගේ වයස කීයද ? ඒ වන විට ඒ අයත් අපත් එහා ලෝකයේ වෙන්නට බැරිද ? කන්න නැති හිඟන බංකොලොත් රටේ නිදහස් උත්සව තියමින්,ආරක්ෂක හමුදා පිරිවරා ගෙන කරනා ධන විනාශය සුළුපටු නොවේ.මෙවන් බොළඳ සිහින විශ්වාස කරන පල් මෝඩයන් දැන් මේ රටේ නොමැති බව උත්සව සංවිධායකයන් විසින් දත යුතුය.
මෙ වගෙ පජාත ජනාධිපතිවරයෙකුට උපහාර දෙන්න තරම් මෙ ඉස්කොලෙ මිනිස්සු මොඩද?
මෙකට තියෙන්නෙ හීන මානෙ.. මිනිස්සුන්ගෙන් නොලැබෙන උපහර මෙක බලෙන් උගෙ ඉස්කොලෙන් ගන්නව. ප්‍රින්සිපල් ලජ්ජ වෙන්න ඔනෙ මෙ වගෙ උන් ගෙන්න ගන්න එකට.. අනේද රෝයල්.
අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය?? අගමැති සමාව ගනී-------- යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව 2016 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දි පැවසුවා. අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ 2016 දෙසැ. 06වැනි දා පාර්ලිමේන්තුවේ දී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදීයි. “අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා” අගමැතිවරයා පවසා සිටියා. මේ සිදුවීමට සම්බන්ධ අය නිදැල්ලේ සිටි අතර ඔවුනට එරෙහි ව අද දක්වා කිසිදු අධිකරණ ක්‍රියාමර්ගයක් ගත්තේ නම් නැහැ
මේ වගේ කපටි නරින් මේ ඉස්කෝල වල ඉගෙන ගත්තා කියන්නත් ලැජ්ජයි...
අපේ ඉස්කෝලෙ නම කැත කල දේන්නෙක්