(මනෝප්රිය ගුණසේකර)
කොළඹ කොටුවේ සිට මීගමුව බලා ධාවනය වන අර්ධ සීග්‍රගාමි දුම්රිය ධාවනය කරන අයුරු මරදාන දුම්රිය ස්ථානයේ සේවිකාවක කළ නිවේදනයෙන් දුම්රිය මගීහු අන්දමන්ද විය.
‘‘දෙවන වේදිකාවට ආ දුම්රිය මීගමුව බලා පිටත්වේ. එය මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නතර කරනවා ඇත.‘‘
එම දැනුම් දීමට අනුව දෙමටගොඩ සිට රාගම දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් සලසා ගන්නා මගීහු එම දුම්රියට ගොඩ වූහ. දුම්රිය ගමන් ආරම්භ කිරීමට සූදනම්වනවත් සමග යළි නිවේදනයක් කළාය. ඒ දෙවන වේදිකාවට ආ දුම්රිය දෙමටගොඩ සහ කැලණිය දක්වා නවත්වන බවත් කැලණියේ සිට රාගම දක්වා නොනවත්වන බවත් එම නිවේදනයෙන් කියැවිණි.
ගමන් ආරම්භ කළ දුම්රිය යළි නතර කෙරිණි. කැලණියෙන් පසු හොරපේ දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් ලබා ගන්නා මගීහු දැඩි අපහසුවෙන් එම දුම්රියෙන් බැස ගත්තේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන දුම්රියෙනි. වගකීම් විරහිත සේවිකාවක නිසා දුම්රිය මගීහු දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වන බව මගීහු චෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මරදානේ හැමදාම කැළණිය ස්ටේෂන් එකේ කරන්නේ වරද්දලා කියනවා නැත්නම් කෝච්චිය ඇවිත් යන්න ඕන්න මෙන්න කියලා තමයි යන කෝච්චිය යන්නේ කොහාටද කොහේද නවත්වන්නේ කියලා කියන්නේ කොළඹ කොටුවට අවුලක් නැහැ එතනින් එහාට තියෙනවා ස්ටේෂන් 3ක් එවාගේ අනිවාර්යයෙන්ම නවත්වන නිසා එත් උඩහට යන එවා ගැන කියන්න ඕන පැහැදිලිව එක කැළණිය ස්ටේෂන් එකේ කරන්නේ නැහැ
කිරි කලයට ගොම බිංදුවක් වැටුණම ඒක ලොකු වට ගන්න ඕනෑම ද?
මරදානෙත් එහෙම වැඩක් කළා..
දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය දුම්රියක් නොවේ කිව්වා නම් ඊට වඩා හොඳයි.
මේ තැනැත්තියගේ ක්‍රියාව මහජන ජීවිත අනතුරේ හෙලීමට හැකි නිසා ඇයව තව දුරටත් ඔය රාජකාරියේ යෙදවීමට සුදුසු නෑ. ඒ වගේම ඔය කරපු දේ එහෙම වුණේ ඇයි කියලා විමර්ශනයක් අත්‍යවශ්‍යයි.
නිවේදිකාව වරදක් කර ඇත. නමුත් මගීන් අමු හරක්. ඉදිරියට ඇති දුම්රිය පොළ වලින් බහින්නට අවස්තාව තියෙද්දී මොන එහෙකට යන දුම්රියෙන් බහිනවද ?
දුම්රියේ කොහේද වගකියන සේවකයෝ ඉන්නේ...?
ඕක මොකක්ද , ලංකාවේ ලොකුම එකා පිස්සු කෙළින විදියට ඕක ලොකු වරදක් නෙවෙයි .
මේක නිවෙදිකාවගේ වරදක් වෙන්න බෑ. එයාට ලියල දෙන එක කියවනවා ඇති. අනික යන තැන නොදැන දුම්රිය වලට නගින මිනිස්සුත් වැරදියි. යන දුම්රියෙන් බහින මිනිස්සුත් වැරදියි.