
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බාල වයස්කාර දරු තිබෙන තිදෙනා ද කැටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තංගල්ල කාර්යාලයට ආ තිදරු පියකු බිරිඳ නැවතගෙන දෙන ලෙස එහි නිලධාරීන්ට බලකරමින් දරු තිදෙනා එම කාර්යාලය අසල අතහැර දමා ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
පියා විසින් අතහැර දමා ගිය අවුරුදු එකයි, අවුරුදු හය සහ අවුරුදු දහයක වයසේ පසු වන දරු තිදෙනා පොලීසිය භාරයට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම දරු දෙදෙනාගේ මව පසුගිය වසරේ ජූලි මාසයේ රැකියාවක් සඳහා විදෙස්ගතව ඇත විදෙස්ගත වූ තම බිරිඳ නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාරයංශය කාර්යාංශය තංගල්ල කාර්යාලය ට මීට පෙර පැමිණිල්ලක් කර තිබී ඇත.
මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාරයංශ කාර්‍යාලයට කැඳවා තිබිණි යැයි පොලීසිය පැවසීය.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවකු වන මොහු මෙම බාලවයස්කාර දරුවන් තිදෙනා ද සමඟ එම කාර්යාලයට පැමිණ පසුව දරු තිදෙනා එහි දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකුවට කියනවා දැන් විදේශ ශ්‍රමිකයින්ගෙන් රටට ලැබෙන ඩොලර් මෙච්චරයි, මේ මාසේ, මේ වසරේ මෙච්චර මෙච්චර රට ගියා කියලා. මේ ගියපු ගොඩක් දෙනෙක් කාන්තාවන්. ආර්ථික ප්‍රශ්න නිසයි මේ අයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේවගේ පවුල් ප්‍රශ්න තව ඉදිරියට ගොඩක් වැඩිවෙනවා. දරුවන් ගැන හිතන්නේ නැතිව විදෙස්ගත වූ පිරිස ඉහළ මට්ටමක ඇති. මෙවැනි ප්‍රශ්න ඇති අය විදෙස්ගත කරන්න පෙර ඒ ගැන සොයා බලන වැඩපිළිවෙලක් තියෙනවා නම් හොඳයි. දරුවන්ට ආරක්ෂාවක් ඇති පිරිස් පමණක් විදෙස්ගත කරනවා නම් වඩා හොඳයි..., දෙගොල්ලන්ටම. මුදල් හොයාගෙන ගෙදර එනකොට පවුල විසිරිලා නම් වැඩක් තියේද ඒ හොයපු මුදල්වලින්...?
අනේ මෙහෙමත් කාලකණ්ණි.. බිරිය වැඩට එවලා දැන් එනවා ළමයි බලන්නේ නැහැ කියලා කියාගෙන...
මොනදේ උනත් දරුවො මරණ කාලකන්නින්ට වඩා නම් මේ මනුස්සයො හොඳයි.
ළමයි බලාගන්න තවත් ගැහැණියක් ගන්නකෝ... ඕන තරම් මිනිහා රට ගිය ගෑණු ඉන්නේ...!