මොනරාගල පොලිස් ලොක්කෙක් ගංජා සමග මාට්ටු මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතා වියළි ගංජා කිලෝග්රෑමි 15ක් සමග ඊයේ (8) රාත්‍රි 9.00ට පමණ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2023
උමතු නාසීන්ට දඩුවම් කරනවා බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ. 09 January 2023
ඉරාන ගොවිපොළක හිර කරන් සිටි ලාංකිකයෝ බේරා ගනිති කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින් , පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද 9 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 09 January 2023
ලක්ෂ 30 ක කොල්ලයකට පොලිස් සැරයන් සොයයි රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 January 2023
දියණියගේ වයසේ දියණියක් දූෂණය කළ ගුරෙක් මාට්ටු උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10 ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී අද (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 09 January 2023
එජාපය ,පොහොට්ටුව පොදු ළකුණකට පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 08 January 2023
එජාපය ඔක්කොටම තරඟ බිමට පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 08 January 2023
ලසන්ත සිහිකරයි දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් 2009 ජනවාරි 08 වැනිදා එල්ලකල වෙඩි ප්‍රහාරයකින් මියගිය සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 14 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ දි සිදු කළේය. 08 January 2023
තෙල් සංස්ථාව 2021 පඩි දුන් හැටි විගණනයෙන් එළියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා 2021 වසරේ වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 603කට ආසන්න මුදලෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර තිබෙන්නේ අතිකාල ගෙවීම සඳහා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 08 January 2023
ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල පන්නන්න අනුබල දුන් දෙකක් මාට්ටු මහනුවර පල්ලකැලේ පොලිස් වසමට අයත් කුණ්ඩසාලයේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ වසර හයසියයක් පමණ පැරණි මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පාෂාණයකින් තනන ලද සඳගල නමින් හැඳින්වෙන මල් ආසනයක් හොරාගෙන ගෙන යෑමට ආධාර අනුබල දුන් බව කියමින් පුද්ගලයන් දෙදෙනකු කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි. 08 January 2023
මව සමග ආරෝවට දියණියගේ දිගු වරළස කපලා අවුරුදු 11 ක් වයසැති බාල වයස්කාර පාසල් සිසුවියකගේ කෙස් කළඹ කපා දැමූ බව කියන අඹුසැමි යුවළක් සැකපිට අත්අඩංගුවට ගත බව කැස්බෑව පොලිසිය පවසයි. 08 January 2023
ජංගම දුරකතන දෙනවැයි කියා ලක්ෂ 60ක් වංචා කරලා ඇපල් වර්ගයේ ජංගම දුරකථන සහ දුරකථන උපාංග ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්වංචා කළේ යැයි කියන ව්‍යාපාරිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 08 January 2023
සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 17,000 ක ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තු පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය. 08 January 2023
ජාජබ රට හදන හැටි කළුතරදී කියයි ජාතික ජනබලවේගය හදන ආණ්ඩුවක උපරිම කැබිනට්ටුවේ සාමාජිකයන් ගණන අනිවාර්යයෙන් 25 කට සීමා කරන බවත්,මෙතුවක් කල් පාලකයන් පොල්කටු හැන්දෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදන න්‍යාය වෙනස් කරන බව කළුතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මතුගම දී පැවසීය 08 January 2023
අත අතහැරපු අය හිටපු ජනපතිනිය හමුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී අද (8) උදෑසන පැවැත්විණි. 08 January 2023
ශ්‍රීලනීපය ඇතුළු පක්ෂ පහනින් පුංචි ඡන්දයට එයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ රැසක් සමඟ එක්ව ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ‘පහන’ ලකුණ යටතේ මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සාකච්ඡා කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය. 08 January 2023
සන්නද්ද කණ්ඩායම් දෙකක 10ක් අල්ලයි සන්නද්ධ කල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 08 January 2023
පොහොට්ටුව දිස්ත්‍රික්ක තුනට හෙට ඇප මුදල් තැම්පත් කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට හෙට (9) ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය. 08 January 2023
ඇමෙරිකාවේ සමාජ මාධ්‍යවලට පාසල්වලින් නඩු පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් වලට විරුද්ධව සියැටල් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. 08 January 2023
නාසා චන්ද්‍රිකාවක් කඩා වැටෙනවා ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 08 January 2023
නිදහස් වෙළෙඳ ගිවිසුමට සාකච්ඡාවකට තායිලන්තයෙන් එයි ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. 08 January 2023
මුහුදු වැලිත් එක්ක කෝටි 50 සේදිලා මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිපාලිත සමාගමකට 2019 වර්ෂයේදී දුන් රුපියල් කෝටි 50කට ආසන්න ණය මුදලක් නැවත අයකර ගැනීමට නොහැකිවීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 08 January 2023
ඡන්ද තිබ්බොත් රට තවත් වැටේවි ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් වන්නේ රට තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 08 January 2023
බම්බලපිටියේ කොල්ලකරු බඩුත් එක්ක මාට්ටු බම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළු වී දේපල සොරා ගත් මාලිගාවත්තේ ’’බොම්බ රිශාක්’’ සහ එම දේපල සහ තවත් සොර බඩු මිලදී ගත්’’ උක්කුවා’’ නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය. 08 January 2023
ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම් වෙන වෙනම සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබිණි. 08 January 2023
චීනයේ මහා රිය අනතුරක් 17ක් මරුට චීනයේ අද අලුයම සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් 17ක් මියගොස් තවත් 22ක් තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත. 08 January 2023
ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත. 08 January 2023
චීන ඉන්ධන හෙට සිට ගොවීන්ට නොමිලේ දෙයි චීන රජය මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 January 2023
ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 08 January 2023
රබර් අපනයන ආදායම ඉහළට 2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ දී රබර් ආශ්රිත අපනයන තුළින් ලද ආදායම සියයට 39 කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය සියයට 93 කින් පමණ පහල ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 08 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026