අම්මා ළිඳට විසි කළ දැරිය පාසල් සිසුහු බේරාගනිති මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි. 19 July 2022
පාසල් ආරම්භ වීම කල් යයි රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කිරීම නැවත කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 19 July 2022
ඉන්ධන නැතිව මාතර රෝහලේ සුව සේවකයෝ වැඩ වරති ඉන්ධන නොමැති වීම හේතුවෙන් මාතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (19) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවයට පත් වූහ. 19 July 2022
කිව්.ආර්. සංකේතයට රක්ෂණය හරස් වෙයි ? බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 July 2022
ඡන්දය ෆොටෝ කළොත් වැඩ වරදී අභිනව ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (19) පැවසීය. 19 July 2022
අන්තරේ විරෝධතාවක් කොටුවේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (19) පස්වරුවේ ආරම්භ විය. 19 July 2022
මැදිරිගිරිය ඉන්ධනහල අසල කලහකාරීන් එලවන්න අහසට වෙඩි මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන නොලැබීම නිසා කලහකාරි ලෙස හැසිරෙමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාර ඒල්ල කරද්දී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීහු අහසට වෙඩි තැබූහ. 19 July 2022
ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. 19 July 2022
‘ටෝකන්’ ඉවරයි ‘ඇප්එක‘ වැඩ ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් අනිද්දා (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය. 19 July 2022
ලංකාවෙන් ඉන්දියා ගිය සිසුන් ගැන සංගණනයක් ඉන්දියාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 19 July 2022
සෞඛ්‍යයට දුන් තෙල් නොදුනැයි සුව සේවකයෝ විරෝධයක පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයනට ලබාදුන් ඉන්ධන නිසි ලෙස නොලැබුණැයි කියමින් සෞඛ්‍ය සේවකයෝ පිරිසක් පොළොන්නරු පොලිසියට සහ කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට එරෙහිව රෝහල ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ. 19 July 2022
කෝච්චියට මගීන් වැඩී වී ප්‍රවේශපත්‍ර හිඟ වෙයි දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු පවසති. 19 July 2022
යූරියා බෑගයේ බර අනුව මිල නියම කරයි පොහොර බෑගයක අඩංගු යූරියා පොහොර වල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 July 2022
ආර්ථික අර්බුදය ගැන පැවති රජය සත්‍ය වසන් කළා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 19 July 2022
තව පොහොර නැවක් දෙසතියකින් එයි යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 July 2022
අවම බස් ගාස්තුව රු: 2කින් අඩුවෙයි බස් ගාස්තු සියයට 2.23 කින් සහ අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 19 July 2022
රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය. 19 July 2022
පාර්ලිමේන්තුව අවට දැඩි මුරකාවල් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදා විශේෂ බලකාය ද කැඳවා තිබිණි. 19 July 2022
රිෂී සුනාක්ට අගමැති ධුරය හිමිවන ලකුණු පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 July 2022
පාර්ලිමේන්තුව විනාඩි දහයයි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ නාම යෝජනා බාර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම විනාඩි දහයකට සීමා විය. 19 July 2022
ජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිට ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 )පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය. 19 July 2022
යෝජනා වූ නම් තුනම පිළිගනී ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය. 19 July 2022
ජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ට ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 19 July 2022
නාම යෝජනා බාර ගැනීම අරඹයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ 6 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා බාර ගැනීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිවේදනය කළේය. 19 July 2022
විදුලි ගාස්තුව අගෝස්තුවේ ඉහළ යයි විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 19 July 2022
මහනුවර,නුවරඑළිය ඇතුඵ පළාත් කීපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2022
ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 July 2022
අරගලකරුවන්ගේ ඉල්ලීමට ශ්රීලනිපය කන්දෙයි නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත. 19 July 2022
ජනාධිපති ධුරයට නම් කැඳවීම අද උදේ 10.00ට අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ . 19 July 2022
මියගිය පෙදරේරුවාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට 80,000ක් වැය වෙලා උඩදුම්බර මහවල උඩුවාහින්න ගම්මානයේ නිවෙසක මියගිය පෙදරේරුවකුගේ අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා නිවැසියන්ට රුපියල් 80,000ක් වැය වීමේ පුවතක් වාර්තා වෙයි. 19 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025