IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සභාපති පුටුවේ ප්‍රශ්නයට මැතිසබය රත්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම කිරිම සම්බන්ධයෙන්  ඇතිවූ වාද විවාද හේතුවෙන් මැතිසබය අද (24) පෙරවරුවේ උණුසුම්විය.

මේ කාරණය  සම්බන්ධයෙන් මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දැක්වූ අවස්ථාවේදී විශාල ඝෝෂාකාරී තත්වයක් ඇතිවීමෙන් සභාවේ කටයුතු පාලනය කර ගැනීම සඳහා කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

එහිදී  ඇතිවූ සංවාදය මෙසේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මණ කිරිඇල්ල මහතා:

හර්ෂ ද සිල්වා මහත්තයා සභාපති තනතුරට කලින් පත් කළා.  ඔබතුමා තේරීම් කාරක සභාව  කැඳවලා වෙනත් කෙනෙක් පත් කරන්නේ කොහොමද?

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා

විපක්ෂය නම් කරන පුද්ගලයා පිළිගැනීම තමයි සිරිත. ඔබතුමා මයන්ත දිසානායකට  කතා කරලා  තනතුර බාරගන්න කැමතිද කියලා ඇහුවද. එහෙම අහන්න පුලුවන්ද. ඒක පක්ෂපාතී වැඩක්.

කතානායක:

නැහැ එහෙම දෙයක් නැහැ

රවුෆ් හකීම් මහතා:

මයන්ත දිසානායක මහතා  මට කිව්වා. මේක ජාත්‍යන්තර වශයෙනුත් කැලලක්.

ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා

විපක්ෂයේ යම් එකගතාවයක් සහිත මන්ත්‍රී වරයකු පත්කිරීම තමයි සුදුසුම ක්‍රමය.

ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නෙත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මෙතනදි කළ යුතු හොඳම දේ ආණ්ඩුව පත් කරපු නියෝජිතයා ඉල්ලා අස්වීම. එවිට විපක්ෂ යෝජනා කරන පුද්ගලයා පත් කරන්න පුළුවන් වෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා

මයන්ත දිසානායක මහතා ඒ තනතුරේ රැඳී සිටීම සුදුසු නැහැ කියන එක තමයි මගේ අදහස

සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා

මේක නම් කරන්න ඕන විරුද්ධ පක්ෂය. හර්ෂ ද සිල්වා මහත්තයා මේ තනතුර දරුවා. ඔහු ආණ්ඩුවෙ ඩීල් කාරයන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක තමයි ඔහු අයින් කරන්න හේතුව. ආණ්ඩුවට ඕන රට ඉස්සරහට ගෙනියන්න නෙවෙයි තමන්ගෙ ජාවාරම් ටික ඉස්සරහට ගෙනියන්න

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා

ස්ථාවර නියෝගවල තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න ඕන කියලා. මයන්ත කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ. ස්ථාවර නියෝග අනුව අපි දීලා තියනවා. මණ්ඩලයේ  කචල් මණ්ඩලය තුළ බේරගන්න.තමුන්නාන්සේලාට ඕන දේවල්  මේ සභාවේ කරන්න බැහැ.

(සභාවේ දිගටම ඝෝෂා)

තමුන්නාන්සේලා කියන්න බැරිනම් ඇයි වෙන්න කියලා. තමුන්නාන්සේලාගේ ඇතුළේ ප්‍රශ්න ඇතුළේ බේරගන්න.

සමගි ජන බලවේගය පක්ෂය පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා

මෙතන කුමන්ත්‍රණයක් වෙන බව ස්ථිරයි. අපි නමක් යෝජනා කරලා තියෙද්දි ආණ්ඩුව  නමක් යෝජනා කළේ ඇයි. කෝපා කමිටුවටත් ආණ්ඩුව කෙනෙක් දාන්න යනවා කියලා ආරංචියි. මේක හරි වැරදි වැඩක්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:

විපක්ෂයෙන් අපි යෝජනා කළේ හර්ෂ ද සිල්වා මහතාගේ නම. ආණ්ඩුවට කැමති විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දාගන්නෙ කොහොමද.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

ඒක ඔබතුමාලා විසඳගන්න

දයාසිරි ජයසේකර මහතා

ඔබතුමා මයන්ත දිසානායකට කතා කළා නම් ඒකත් වැරදියි

කතානායක

මම කතා කළේ නැහැ.එතුමා මට කතා කළා.

දයසිරි ජයසේකර මහතා

එහෙමනම් ආණ්ඩුවේම කෙනෙක් දාගත්තා නං ඉවරයි.

රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා;

පත් කරන්න ඕන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. හර්ෂ ද සිල්වාම ඉන්න ඕන කියලා නීතියක් නැහැ. ඒ නිසා මේ ගැන කතා කරන්න දෙයක් නැහැ. නැති දෙයක් මවා ගෙන කතා කිරීම කිසිම තේරුමක් නැහැ.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා:

මේකෙ සභාපතිකම දෙන්නෙ  විරුද්ධ පක්ෂයට. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම්  ඒ අය සාකච්ඡා කරලා විසඳ ගන්න එක හොඳයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

හර්ෂ ද සිල්වා මහතා මීට කලින් පත් කළා. පත් කරලා තියෙද්දී තවත් කෙනෙක් පත් කරන්නේ කොහොමද ඒක තමයි මගේ තර්කය.



අදහස් (3)

සභාපති පුටුවේ ප්‍රශ්නයට මැතිසබය රත්වෙයි

මහසෙන් Friday, 24 February 2023 01:42 PM

මේ පාර්ලිමේන්තුව දැන් තනිකර රටට ශාපයක්.. මේ රොත්ත බුරුත්ත දවස ගානේ මහජන මුදල් කාබාසිනියා කරකර රට්ටුන්ට විනෝද සමය පෙන්වනවා. ඊයේ බෝඩ් උස්සන් ඡන්දේ ඉල්ලුවා. අද තනතුරු ප්‍රශ්න.. හෙට මේ අය ඔවුන්ගේ ගෙවල්වල ප්‍රශ්න කතාකරලා උත්තර හොයයි...

:       0       1

sriyal Friday, 24 February 2023 05:05 PM

ඔය කියන විදිහට වැඩ කරනවා නම් විපක්ෂය කමිටුවලින් ඉවත්ව ඉන්න...

:       2       4

senaFriday, 24 February 2023 05:53 PM

හර්ෂ ද සිල්වා තනතුරුවලට ආසයි...

:       16       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site