(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසීය.
මැතිවරණ කොමිසමේ තුන් දෙනෙක් විතරක් ඡන්දය පවත්වන දිනය පිළිගෙන තිබේ නම් අලුතින් කොමිසමක් පත් කර හෝ ඡන්දය පවත්වන ලෙසද ජයසේකර මහතා සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වන අතර ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බවයි.
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නැගී සිටිමින් පැවසූයේ මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතුය කියා ජයසිරි ජයසේකර මහතා කළ යෝජනාව තමා විසින් ස්ථිර කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. ඒ වගේම ජනතා ඡන්දෙන් අලුත් ජනාධිපතිවරයෙක් ඉතාම ඉක්මණින්ම පත්කළ යුතුයි. මොකද ජනවරමක් නොමැති නායකයෙකුට ජනතාවගේ ප්‍රශ්න සංවේදී නොවන නිසා...
මේ යන විදියට යුනියන් කාරයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් පටන් ගත්තොත් එහෙම 80 වේ වර්ජකයින්ට වෙච්චි දේම තමයි වෙන්නේ. ජේ ආර් ගේ තියරිම තමයි...
දයාසිරිලාට වැලේ වැල් නැතිවෙන හින්දා ඡන්දෙ කල්දාන්න පොටක් හොයනවා...!
ඇයි දැන් තියෙන මැතිවරණ කොමිසම තමන්ට ඕනෑ විදියට කීකරු නැද්ද? මැතිවරණ කොමිසම ස්වාධීනයි කියන එකේ තේරුම මොකක්ද? මේකටත් දේශපාලකයින් ඇඟිලි ගහනවා නම් අනිත් කොමිසම් ගැන කවර කතාද? නීතියක් රීතියක් නැති රටක් මේක.