IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මතට පෙම් බැඳ ජාතික රෝහලේ දෙදෙනෙක් කන්දකාඩුවට

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෙරොයින් , අයිස් හා මත්පෙති පානය තදින්ම  ඇබ්බැහි ව සිටි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස 6 පුනරුත්ථාපනය සදහා කන්දකාඩු රැඳවුම්  මධ්‍යස්තානය වෙත යොමුකරන  ලෙසට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල    මහතා    ඊයේ   (22)  ලෙසට  නියෝග කළේය.

 මෙලෙස පුනරුත්ථාපනය සදහා  යොමු කළේ  කොළඹ ජාතික රෝහලේ නඩත්තු අංශයේ සේවයෙන් සහ සු`ථ සේවකයෙක්, සහ ඔවුන් සමග එක්ව මත්කුඩු පානය කිරීමේ නිරත  මිතුරන් දෙදෙනෙකි.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ  මහතා  අධිකරණ හමුවේ කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා    සැකකරුවන් පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට  නියම කළේය.
මෙම සැකකරුවන් සියලු දෙනා වනාතමුල්ලේ පදිංචිකරුවන් බවත්,, ඔවුන් සමුහයක් වශයෙන් එක් වී මත්කුඩු පානය කරන පුද්ගගයන් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව  සිටින මෙම පුද්ගලයන්ගෙන් සමාජයට විශාල  තර්ජනයක්  බවත් ,, ඔවුන් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසට පොලිසිය අධිකරණය හමුවේ කළ ඉල්ලීම  සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මාස 6 ක පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට නියෝග කළේය.

 බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විනානගේ මහතා පැමිණ’ල්ල මෙහෙයවීය.



අදහස් (2)

මතට පෙම් බැඳ ජාතික රෝහලේ දෙදෙනෙක් කන්දකාඩුවට

චින්තක Friday, 24 February 2023 10:02 AM

මොවුන් රාජ්‍ය සේවයේ නම් සේවයෙන් පහකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තියෙන බව අදාල ආයතනයේ බලධාරීන් නොදන්නා බවක් පේනවා... මෙහෙම වෙන්නේ දේශපාලුවන් හිතවතුන්ගේ නම් ලැයිස්තු යැව්වාම කිසිම පුහුණුවක් නොදී සේවයේ යෙදවීම නිසා කියලා කියන්න පුළුවන්...

:       0       3

Sunil Friday, 24 February 2023 11:45 AM

වෛද්‍ය බෙල්ලන මහතා කී දේ වැරැදිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site