
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු - යුක්රේන යුද්ධය නවත්වන ලෙසත් රුසියානු හමුදාවන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙසත් පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් වූ යෝජනාවට නැවත වරක් ශ්‍රී ලංකාව ඡන්දය ලබා දීමෙන් වැළකී සිට ඇත.
ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් මහතා සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී රුසියාවට එරෙහිව ගෙන එනු ලබන මෙම යෝජනාවට සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්ද කර තිබිණ.
යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 141 ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර එම යෝජනාවට විරුද්ධව සාමාජික රටවල් 7 ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සාමාජික රටවල් ගණන 32 කි.
කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා, රුසියාව, බෙලරුසය සහ සිරියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න අපිට කොන්දක් නැහැ... නැතුව ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නෙවෙයි... ඔය රුසියන් කාරයෝ එන්නෙත් නැතුව යාවි අපේ තේ විකුණා ගන්නත් බැරිවේවි කියලා බය ඇති...
සරල කාරනය නම් "යාචකයින්ට තෝරා ගන්නන් වීමට නොහැක"
යුද්ධය නවත්තන්න වෙන්න ඕන අර පඩත්තල යුක්‍රේන් විහිලුකාරයා ධූරයෙන් ඉවත් වෙන එක විතරයි. ගුටි කකා තමන්ගෙම ජනතාව විනාශයට ඇදල දාලා වෙන කෙනෙක් යුද්ධෙ ඉවරකරන්න මැදිහත් වෙනකන් බලන් ඉන්න එක මොන විකාරයක්ද.
හොඳ තීරණයක්. විරුද්ධ වුනා නම් එක කට්ටියක් තරහ වෙනව. එකඟ වුනා නම් විපතකදි උදව් කරන්න එන මිනිස්සු ටික තරහ වෙනව. ඒක නිසා පැත්තක් නොගෙන පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳම දේ. අපිට ඔය ලොකු අය එක්ක හැප්පෙන්න යන්න ඕන නෑ.
රටවල් ගාන අඩුවුණාට වැඩි ජනගහනයක් ඇති රටවල් රුසියාවට එරෙහි නොවී ඇත...
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නෙමෙයි... ඔහේ වැටඋඩ ඉන්නත් දැන් අපිට අමාරුයි. එහෙම නේද අපේ හාමුදුරුවනේ...?
හොඳ තීරණයක් ලංකාව අරන් තියෙන්නේ .පෙරේරා මහා මෝඩයෙක් .අන්න උන් වගේ ගොබ්බ මෝඩ එවුන් තමයි පාර්ලිමේන්තුවේත් ඉන්නේ.සෙලෙස්කි රූකඩයක් .පවු යුක්රේන මිනිස්සු
ඒ යෝජනාවට ඡන්දය නොදී හෝ ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් දෙස බැලුවාම පැහැදිලිව පේනවා ධර්මිෂ්ඨ හා අධර්මිෂ්ඨ බවේ යතාර්ථය. ආඥාදායක පාලකයින් හා මෝඩ ගෝත්‍රික ගති පැවතුම් ඇති කලහකාරී ජනතාවන් සිටින රටවල්වල වෙසෙන පාලකයින්ට පමණක් නොවෙයි ජනතාවටත් අවශ්‍ය වන්නේ යුද්ධය මිස, සාමය නොවේ. ස්වෛරීය රටක් වන යුක්රේනය තව දුරටත් රුසියාවේ අනසක යටතේ සිටිය යුතු යයි සිතන අමනොඥයින් ලංකාව කලාපයේ බලවත් ඉන්දියාවේ හෝ චීනයේ අණසකට යටත් වීමට කැමැතිද? පාලකයින් ඉදිරියේ දණින් වැටෙන නීචයින් යුක්රේන් ජනාධිපතිව මනින්නේ ඔවුන්ගේ මිම්මෙන්ම වෙන්න ඇති...
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට මේ යුද්ධය සැබෑවටම අවසන් කල යුතුම නම් කල යුතු හොඳම සහ පහසුම ක්‍රියාමාර්ගය වන්නේ සෙලෙන්ස්කිට අවවාද කිරීම පමණකි. එහෙත් ඔවුන් ඊනියා සාමයේ නාමයෙන් යුක්රේනයට ආයුධ පොම්ප කරති. අන් අධිරාජ්‍යවාදීන් මෙන් රුසියානුවන් අනුන්ගේ රටවල තම හමුදා කඳවුරු පවත්වා ගනිමින් එම රටවල් තම රූකඩ බවට පත් කර ගැනීමට උත්සාහ නොකරන බව අප සැම අවබෝධ කර ගත යුතුය. සමබර ලෝකයක් සඳහා රුසියාව බලවත්ව සිටිය යුතුමය. එසේම ආසියාවේ ආරක්ෂාව සඳහා සියළු ආසියාතික රටවල් බටහිර ගැති නොවී එක්ව සාමූහිකව කටයුතු කල යුතුය.
අපි සිටගත යුත්තේ බටහිර රටවල් සමගයි. යුක්‍රේනය යනු රුසියාව විසින් ආක්‍රමණය කළ ඒ ආක්‍රමණයට නොබියව මුහුණදෙන වීරයෙක් වගේ ජනාධිපති කෙනෙක් ඉන්නා රටක්...
නාමල්- නිව්යෝක්, අනික ඔයා කියන විදියට මෙතන ඉන්නේ මෝඩ අය නෙවෙයි. ඔයාගේ බුද්ධි මට්ටම මෙතනින්ම තේරෙනවා. අපි බටහිර විරෝධී අය නෙවෙයි. ඇත්ත කියන්නේ ඇත්ත දන්නවා.
බල්ලා මහත්තයා, රුසියාව පැත්තේ ඉඳගෙන යුක්රේනය දෙසට බුරන කෙනෙක් වගෙයි පේන්නේ. නැත්නම් ඉතින් මගේ කොමෙන්ට් එක දැකලා, ඇලජික් වෙලා, බඩ යන්න විදිහක් නැහැනේ.. කොහොමත් නිවටයින් ගණන් කාරයින්ට කැමතියිනේ.. ඒකනේ පහුගිය කාලේ ලෝකල් පුටින් කෙනෙකුත් ගෙනාවේ. ලෝකල් පුටින්ට වුණු දේ ඔර්ජිනල් පුටින්ට වෙන දවස වැඩි ඈතක නැහැ කියලයි මට නම් හිතෙන්නේ...
හොඳ බුද්ධිමත් තීරණයක්. මොකද අපේ රටේ 30 අවුරුද්දක් පැවති LTTE යුද්ධයේදී, දෙමළ ඊළාම් ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇති බවට යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් අපිට නිකරුණේ මඩ ගහද්දී.. අපිත් එක්ක UN එකේදී එකට හිටගත්ත රටක් තමයි රුසියාව..ඒක නිසා ඒ වගේ රටක් තරහා කරගන්න එක මෝඩකමක්..අනික ආර්ථිකමය හා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද රුසියාව අපිත් එක්ක බොහෝ සමීප සබඳතා පවත්වන නිසා ඔය විදිහට මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන එක නිවටකමක්වත්, බටහිර විරෝධීකමක්වත් නෙවෙයි..ඒක තමයි බුද්ධිමත්කම..මොකද අපිට රටක් විදිහට මේ නිශ්චිත මොහොතේ ඕන තරම් ප්‍රශ්න තියෙනවානේ..මිනිස්සුන්ට හරිහැටි කන්න බොන්නවත් නැති අපි වගේ රටකට ඔය කොහෙවත් තියෙන රුසියා-යුක්‍රේන යුද්ධ අදාළ නැහැ...තමන්ගේ ඇඟ බේරගෙන කාත් එක්කත් හොඳින් මිත්‍රශීලීව ඉන්නවා හැරෙන්නට..ඉතිං මේ තීරණය කාලීන වශයෙන් ඉතා බුද්ධිමත්, සවිඥානාත්මක තීරණයක් වන බවයි මට නම් නැවත නැවතත් කියන්න තියෙන්නේ..‼️That's All..