(යොහාන් භාසුර)
විදුලිබල අමාත්‍යංශයේ දීර්ඝ කාලින ජනන සැලසුම සහ රජයේ ප්‍රතිපත්තිය අනුව වසර 2030 වන විට සමස්ත විදුලි සැපයුමෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට, වසර 2050 වන විට කාබන් උදාසීනත්වය ලබාගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීම යෝජිත යැයි විදුලිය හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව මගින් පසුගිය 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 වනදා දක්වා ඉන්ධන ආනයනය වෙනුවෙන් ඉදිරිපත් කළ ටෙන්ඩර්, ප්‍රතික්ෂේප වූ ටෙන්ඩර්, සාර්ථක ටෙන්ඩර්, ටෙන්ඩර් නොවන ලැබූ යෝජනා, ක්‍රියත්මක කරන ලද යෝජනා, ඉන්දියානු ණය ක්‍රමය මගින් ආනයනය කළ ඉන්ධන, මෙරටට ආනයනය කළ බොරතෙල්, පිරිපහදු ඉන්ධන සහ ගුවන් යානා ඉන්ධන වල ඇණවුම් විස්තර සහ මිල ගණන්, ආදිය පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන් ගමන පයින්...
රජයන් විවිධ අවස්ථාවන්හිදී පුනර්ජනනීය බල ශක්තිය ප්‍රමෝට් කළද, රජය ඔවුන්ට සලකන ආකාරය පොදු ජනතාව දන්නේ නම් ඔවුන් කිසිඳු විටෙක රජය කරනු ලබන ව්‍යාපෘතිවලට මැදිහත් නොවනු ඇත. රුපියල් මිලියන ගණන් වලින් සූර්ය බලය සඳහා ආයෝජනය කළද විදුලි ඒකකයක් මිලයට ගනු ලබන්නේ රු 22 බැගිනි. වර්තමානයේ පෞද්ගලික බලගාරවලට රුපියල් හැටකට පමණ මිලක් ගෙවනු ලබයි. එසේ වුවද එයත් මාස හයක පමණ ඇරියස් කර ඇත. රටේ යහපත තකා ආයෝජනය කළද එම මුදල බැංකුවක තැන්පත් කළා නම් මීට වඩා තෙගුණයක මුදලක් ඉපැයිය හැකිවනවා ඇත. රජය මීට වඩා මේ ගැන සැලකිල්ලක් දක්වා විදුලිය ඒකකයක් රුපියල් 40ක් වත් ගෙවිය යුුතුයි...