(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියකින් පැමිණ කොටහේන ගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
දැනට විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සන්තකයේ වෙඩි තැබීමට යොදා යොදා මිලිමීටර් 9 වර්ගය පිස්තෝලයක් , එම උණ්ඩ හතරක්, හෙරොයින් ග්‍රෑම් 20 හා තියුණු කඩු දෙකක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
2022 .04.21 දින මෙම සැකකරු ව්‍යාජ අංකයක් සහිත යතුරු පැදියකින් පැමිණ මෝටර් රථයකින් ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත.
යොදා ගත් යතුරුපැදිය ද මිහිජය සෙවන නිවාස සංකීර්ණය පිටුපස සඟවා තිබියදී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූට කීයක් හරි දීල දියවන්නාව පැත්තට ඇරිය නම් රට ජාතිය වෙනුවෙන් රාජකාරිය ඉෂ්ට කරන්න.