(යොහාන් භාසුර)
දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072 ක් අයදුම්කර ඇති බවත් කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් අයදුම් කළ වැඩි සංඛ්‍යාව මෙය බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පසුගිය වසරේදී ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31,378 ක් පමණ වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහළ සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර තිබේ.
මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කාර්යාංශය මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ අනුව 13,000 කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබේ.
මේ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාගය ලබන සැප්තැම්බර් 1 දින ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇත.
මෙම විභාග පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතය.
මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියානු භාෂා විභාගයට අයදුම්පත් 85000 ක්