(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොවි ජනතාවට නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජයෙන් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
නිෂ්පාදන වියදම් ඉහල යාම නිසා අස්වනු වලින් ප්‍රමාණවත් ලාබයක් නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ කරුණු දැක්වීම් සලකා බලා මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ළංවුණාම ජනතාව මුලා කරන්න සහන දෙනවා. ඊට පස්සේ අයින් කරනවා. මෙහෙම කවදාවත් රට ගොඩගන්න බෑ. කරන්න ඕනෑ ගොවිතැනට බදු, ටැක්ස් ඉවත් කරලා එකක් ගෙනඒම...
එහෙනම් ගොවි චන්ද ටික යන්තම් ආන්ඩුවෙ ගිණුමට.