IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


භෞතික චිකිත්සකවරියගෙ නව ලක්ෂය සොරාගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව ප්‍රදේශයේ හෝටලයක රථ ගාලක නතරකර ගිය යතුරු පැදියක කැබින් එක කිසියම් පුද්ගලයකු  කඩා ඒ තුළ තිබූ රුපියල් නම ලක්ෂ හැත්තෑ එක්දාස් පන්සීයක මුදලක්සොරාගෙන ගොස් ඇතැයි මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම මුදල උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට රැගෙන විත් තිබූ බව පැමිණිලිකාරිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.

එම මුදල්වල අයිතිකාරිය භෞතික චිකිත්සකවරියක ලෙස සේවය කරන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කාන්තාවකි.

මෙම භෞතික චිකිත්සකවරිය මීගමුව ප්‍රදේශයේ හෝටලයක පැවැති වැඩමුළුවකට සහභාගි වීම සඳහා පැමිණ යතුරු පැදිය එම හෝටලයේ රථගාල නතර කර එම වැඩමුළුවට සහභාගි වීම සඳහා ගොස් ඇතැයි පොලිසිය කීය.

වැඩමුළුව අවසන් වී පැමිණ බලන විට යතුරු පැදියේ කැබින් එක කිසියම් පුද්ගලයෙකු විසින් කඩා ඒ තුළ තිබූ මෙම මුදල් සොරාගෙන ගොස් ඇතැයි ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

 



අදහස් (0)

භෞතික චිකිත්සකවරියගෙ නව ලක්ෂය සොරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site