
(අංජුල මහික වීරරත්න)
වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක් වෙමිනි.
සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් "සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම " මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.
පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කටින් බතල කොළ හිටවමින් ඉන්න ජනතාව ඔයාව යවනකම්
134 න් සිලෙක්ටඩ් පාර්ලිමේන්තු පති
සංචාරකයන්ගෙන් සියයට අටක් ලංකාවේදී අපරාධයක වින්දිතයන් වන බව ඔය පොර ටෝක් දෙන අය දන්නවාද? අනෙක් රටවල් සමග සසදන විට මෙය විශාල අගයකි. නව ආර්ථික පරිහානියට සාපේකෂව මෙම අගය තව ඉහල යනු ඇත. ඊට සාපේක්ෂව සංචාරකයන් අඩු විය හැක සහ මෙය ඔවුන්ට කරන බලවත් අසාධාරනයකි. මීට කෙලින්ම වගකිවයුත්තේ පොලිසියයි. ලංකාවේ පොලිසියට තිබෙන ලොකුම රාජකාරිය අපි වෙනුනෙන් අරගල කරන පොඩි ළමයි වටකරන එකයි අත්අඩංගුවට ගන්න එකයි කාමර ඇතුල් දොර වහගෙන සිටින ජෝඩු ඇල්ලීමයි පමණයි. සංචාරක පොලිසි තිබ්බට නිලධාරීන් කරන්නේ කොළඹට වෙලා විශ්වවිද්‍යාල දරුවෝ වටකරන එක.
අනේ යන්න. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉඳලා රටට කළ අලගෙඩියක් නැහැ. දැන් එනවා පණ්ඩිතකම් කියවන්න.
සිරිකොතේ කට්ටිය රෑට රෑට එළියට දැම්මා නම් සංචාරකයින්ගෙන් තව ගාණක් හොයාගන්න තිබ්බා..
මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.
හැම සංචාරකයෙක්ම ඩොලර් බෝයි හො ග-ල් නෙවෙයි.
මේ ලොක්කා යන යන තැන බෝල බිලියඩ්ඔ ගහලා, ඔයවගේ කතා කියනවා වැඩිය ගනන් ගන්න එපා පරන පුරුදු වයසේ වැරැද්ද.
තවත් දවල් හීනයක්... කට විතරයි...
ගෙන්වන හැටි කියලා නැහැ..., පිනාගේ තවත් මෝඩ පාර්ට් එකක් පමණයි...
ගාලු කොටුවට නැගලා ඇඳුමත් උස්සන් හිටියා නම් සංචාරකයෝ පැරෂුට්වලින් බහිනවා කොටුවට...
ලංකාවේදී සංචාරකයින්ට නොයෙකුත් අතවරවලට මුහුණ දෙන්න සිද්ද වුණා. ගසාකන හැටි දන්නෝ හොඳාකාරවම දනිති....
ඔක්කෝටම ඉස්සෙල්ලා මෙයාව අංගොඩ යවන්න.
අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බනම් ජනතාව කැමති කෙනෙක් පත්කරගනීවි. ඉන්පසු වර්ජන උද්ඝෝෂණ අඩුවෙලා යාවි. විදේශ ශ්‍රමිකයෝ වැඩිපුර ඩොලර් ලංකාවට එවාවි. රටේ ආර්තික ප්‍රශ්න අඩුවේවි. එවිට සංචාරකයෝ වැඩිපුර ලංකාවට ඒවි.