IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තණකොළ කෘෂි බෝගයක් ලෙස නම් කරයි

(අංජුල මහික වීරරත්න)

සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ  කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

මෙරට සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඉහළ බලපෑමක් එල්ල කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කිරිගව පාලනයේ  යෙදී සිටින ගොවීන් හා කර්මාන්තකරුවන්ට දෛනිකව ගවයින්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ගුණාත්මක බවින් ඉහළ තණකොළ නොතිබීම එක් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

මෙි අනුව ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රටේ පුරන් කුඹුරු අක්කර 47,000ක් පමණ ඇති අතර බස්නාහිර පළාතේ කිසිදු බෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000ක් පමණ හඳුනාගෙන තිබේ. එම පුරන් කුඹුරුවල මෙන්ම බෝග වගා කළ නොහැකි ඉඩම් තෝරාගෙන එම ඉඩම්වල සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.



අදහස් (17)

තණකොළ කෘෂි බෝගයක් ලෙස නම් කරයි

චමිල් Friday, 24 February 2023 12:38 PM

ඔව් ඔව් එහෙම නැතුව කොහොමද? 2019දී නයෙක් ගෙරෙව්වා කියලා ලක්ෂ හැටනවයක් පෝලිමේ ගිහිල්ලා පාලනය ගැන කිසිවක් නොදන්නා කෙනෙක් පාලකයින් කරගත්තේ තණකොළ වල රස හොඳින්ම දන්නා නිසා නේද? කොහොමත් දැන් දැන් රටේ තැනින් තැන තියෙන රැස්වීම්වල කියන දේවල් හා රැස්වීම් සඳහා සහභාගිත්වය දැක්කාම ඉදිරියේ තණකොළ වැඩියෙන් අවශ්‍ය වෙනවා කියලා පේනවා...

:       120       8

KesaraFriday, 24 February 2023 01:43 PM

නයා ගොරවපු නාටිටියෙන් ඡන්ද අඩු උනා මිස වැඩි උනේ නෑ. එදා මිනිස්සු පොහොට්‍ටුවට ඡන්දෙ දුන්නෙ අර යහපාලන උන් හොඳට තිබුනු රටේ නිකම් බොරුවට බෝම්බ ගහගෙන මල විකාර නටලා රට විනාශ කරන්න ගත්තු නිසා. එදා හෘදය සාක්ශියක් තිබ්බ හැම මිනිහම පොහොට්‍ටුවට දුන්නා මීගමුවෙ හරක් ටික ඇරෙන්න. තමන්ගෙම උන්ට බෝම්බ ගහන්න උදව් කරපු අයට ඡන්දෙ දීලා, බෝම්බ ගැහුවේ අන්තවාදීන් නෙමේ රජපක්ශලා කියල හිතන් ඉන්න අයට ඉතින් කෘශි බෝගයක් විදියට ඕව තමයි දෙන්න ඕන. රනිල්ව ගේන අරගලේට ගිහින් සුදු ලෝගු කාරයො අන්තවාදීන්ව ඉම්බත් එක්ක. පව් නේ..

:       7       54

Akila Friday, 24 February 2023 12:56 PM

ඒක හොඳයි. ජෙප්පන් ඇවිත් රට හදයි කියලා හිතන් ඉන්න අයට ඉස්සරහට ඕනෑවෙනවා. අනිත් පක්ෂ හදයි කියලා හිතන් ඉන්න අයට දැන්ම දෙන්න වෙනවා...!

:       8       62

kamal Friday, 24 February 2023 12:58 PM

69 ලක්ෂයක ප්‍රධාන අහාරය කෘෂි බෝගයක් නොවී කොහොමද?

:       34       10

JinasenaFriday, 24 February 2023 01:50 PM

ඔහෙත් ඒ කාලේ 69ට කඩේ ගියා නේද පුතා.. ඔයාගෙ ප්‍රධාන ආහාරය දැන ගැනීම සතුටක්. තව දෙයක් මතක තියගන්න මහත්තයෝ, තමන්ගෙ පක්ශෙ විතරයි බුද්ධිමත් උගත් අය ඉන්නේ, තමන් තමයි උගතා කියල හිතෙන්නේම ඉතින්.... තමයි. ඔය කොයි පක්ශෙත් ඇවිත් ඉන්නේ අපිට වත් රටට වත් ආදරෙන් නෙමේ කියලා තේරෙන්නෙ නැති කොයි කාටත් ඕක හොඳ බේතක්.

:       2       23

kamalFriday, 24 February 2023 04:04 PM

එල එල තොප්පිය හරි නිසානේ දාගත්තේ. කල මෝඩකම් මතක් උනා නේද?

:       13       3

sam Friday, 24 February 2023 01:11 PM

තණකොළ හොඳට වවලා කපලා මිටිකරලා ආණ්ඩු පක්ෂයේ ඉන්න මදාවියන්ට හැමදාම මිටිය මිටිය කන්න දෙන්න...

:       13       6

පිටිගල මිලානෝ Friday, 24 February 2023 01:18 PM

අර හැටනම ලක්ෂෙයි. ඉතාලියෙන් ඡන්දේ දාන්න ලංකාවට ගිය පච්චයා ඇතුලු බයි සෙට් එකයි, ඡන්දේ දීලා දාගත්ත විරුවයි නම් ඉස්සර ඉදලාම කාලා තියෙන්නේ තණකොළ බව අපූරුවට පෙන්නුවා….

:       16       6

Lalith Dias Friday, 24 February 2023 02:43 PM

ඒක හොඳ අදහසක් මොකද ඉස්සරහට අපිටත් කන්න වෙන්නේ තණකොළ තමයි.

:       4       4

Perera Friday, 24 February 2023 02:49 PM

රටේ බහුතර හරකුන්ට කන්න වෙන්න ඇති...!

:       0       0

Sirisena Friday, 24 February 2023 03:12 PM

ඹොම්බ ගැහුවෙ රාජපක්සල නෙවේ කියල හිතන් ඉන්න ඔහෙ වගෙ උන්ට තණකොලත් හොද වැඩි ඔහෙලට දෙන්න ඔනෙ ගොම

:       14       4

අනේ ඇනොනිමස් අපිව බේරල දෙන්නFriday, 24 February 2023 04:36 PM

අරගලේදී තමන්ගේ සහෘදයින්ට බෝම්බ ගැසීම සඳහා අන්තවාදීන්ට නොයෙක් උපකාර කළ ත්‍රස්තයින්ව ඉම්බ මීගමුවේ කෙනෙක්ට රිදිලා..

:       0       16

AlfreadFriday, 24 February 2023 04:45 PM

රාජපක්ෂලාට, ක්‍රිස්තියානි මිනිස්සුන්ට බෝම්බ දාන්න ඕනෑ වුණා නම්, යුද්ධය කාලේ උතුරේ පල්ලිවලට ගුවනින් බෝම්බ දාන්න තිබුණා දහස් ගාණක් වුණත්... ඒත් ගිහින් බලන අය සියලුම පූජනීය ස්ථාන බේරලා යුද්ධය දිනලා දුන්නේ... මහින්දගෙයි, සහෝදරයින්ගෙයි අනිත් වැඩ නම් අන්තිමයි. ඒත් ඔයවගේ වැඩ කරන්න ඒ කාලෙත් වුවමනාවක් තිබුණේ නෑ. මොකද සමීක්ෂණ වාර්ථා සියල්ලන්ගෙන්ම බෝම්බෙට කලිනුත් රාජපක්ෂලා දිනලා තිබුණේ. ඒක ඉතා වැදගත් සාධකයක්. කවුරුත් කියන දේවල් කෙලින්ම පිළිගන්නේ නැතුව පොඩ්ඩක් හිතන්නත් පුරුදු වෙන්න. මම කියන නිසාත් පිළිගන්න එපා. හිතලා බලන්න...

:       1       25

ගමේ එකාලා Friday, 24 February 2023 05:29 PM

රටම හොරාකාලා විනාෂ කරපු දූෂිත දේශපාලුවන් ඉන්න රටක්. අද ජනතාවට තුන්වේලක් තියා එක වේලක්වත් කන්න නැතුවයි ඉන්නේ? අන්තිමට ඉතුරු වෙන්නේ තණකොළ...?

:       11       3

,PODDA Friday, 24 February 2023 06:47 PM

සුද්දා නිදහස දුන්නට පස්සේ නම්කරලා ගියේ. ගැසට් කරන්න බැරි වුණා. සල්ලි පෙර්තෙකමට පිරට ගිහිල්ලා බොරු දේශප්‍රේමය කතාකරන එවුන්ට ටී බෑග් වගේ හදලා ඇරිය නම් හොදයි.

:       0       0

අබිලින් Friday, 24 February 2023 07:55 PM

ඒක හොඳයි... මොකද ටීවීවල වෙළෙඳ දැන්වීම්, යූටියුබ් ෆේස්බුක් බැලුවාම එක් එක් කෙනා කියන ආකාරයට කන්න කිසිම දෙයක් නැතිවෙනවා.. ඒවායේ කියන්නේ මහදැනමුත්තාගේ ගෝලයින්ගේ තේරීම් වගේ තමයි. ඉතින් වසවිස නැතුව ස්වාභාවික ලෙසට මෙතෙක් කලක් වැවුනේ තණකොළ පමණයි.. දැන් ඉතින් ඒකටත් කොම්පෝස්ට් කියන චීන අසූචි, රසායනික පොහොර දාලා හැදුවාම ඒකත් නැතිවේද කියලා බය හිතෙනවා...!

:       0       16

මෝ Friday, 24 February 2023 10:40 PM

ඔව් ලගදිම තනකොල හිගයක් එන්න පුලුවන්.දියවන්නාවෙ ඉන්න සෙට් එකට ඉස්‍ය්හරම් ඒ වයින් දෙන්න ඇහැකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site