(අංජුල මහික වීරරත්න)
සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
මෙරට සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඉහළ බලපෑමක් එල්ල කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කිරිගව පාලනයේ යෙදී සිටින ගොවීන් හා කර්මාන්තකරුවන්ට දෛනිකව ගවයින්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ගුණාත්මක බවින් ඉහළ තණකොළ නොතිබීම එක් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
මෙි අනුව ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රටේ පුරන් කුඹුරු අක්කර 47,000ක් පමණ ඇති අතර බස්නාහිර පළාතේ කිසිදු බෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000ක් පමණ හඳුනාගෙන තිබේ. එම පුරන් කුඹුරුවල මෙන්ම බෝග වගා කළ නොහැකි ඉඩම් තෝරාගෙන එම ඉඩම්වල සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් එහෙම නැතුව කොහොමද? 2019දී නයෙක් ගෙරෙව්වා කියලා ලක්ෂ හැටනවයක් පෝලිමේ ගිහිල්ලා පාලනය ගැන කිසිවක් නොදන්නා කෙනෙක් පාලකයින් කරගත්තේ තණකොළ වල රස හොඳින්ම දන්නා නිසා නේද? කොහොමත් දැන් දැන් රටේ තැනින් තැන තියෙන රැස්වීම්වල කියන දේවල් හා රැස්වීම් සඳහා සහභාගිත්වය දැක්කාම ඉදිරියේ තණකොළ වැඩියෙන් අවශ්‍ය වෙනවා කියලා පේනවා...
ඒක හොඳයි. ජෙප්පන් ඇවිත් රට හදයි කියලා හිතන් ඉන්න අයට ඉස්සරහට ඕනෑවෙනවා. අනිත් පක්ෂ හදයි කියලා හිතන් ඉන්න අයට දැන්ම දෙන්න වෙනවා...!
69 ලක්ෂයක ප්‍රධාන අහාරය කෘෂි බෝගයක් නොවී කොහොමද?
තණකොළ හොඳට වවලා කපලා මිටිකරලා ආණ්ඩු පක්ෂයේ ඉන්න මදාවියන්ට හැමදාම මිටිය මිටිය කන්න දෙන්න...
අර හැටනම ලක්ෂෙයි. ඉතාලියෙන් ඡන්දේ දාන්න ලංකාවට ගිය පච්චයා ඇතුලු බයි සෙට් එකයි, ඡන්දේ දීලා දාගත්ත විරුවයි නම් ඉස්සර ඉදලාම කාලා තියෙන්නේ තණකොළ බව අපූරුවට පෙන්නුවා….
ඒක හොඳ අදහසක් මොකද ඉස්සරහට අපිටත් කන්න වෙන්නේ තණකොළ තමයි.
රටේ බහුතර හරකුන්ට කන්න වෙන්න ඇති...!
ඹොම්බ ගැහුවෙ රාජපක්සල නෙවේ කියල හිතන් ඉන්න ඔහෙ වගෙ උන්ට තණකොලත් හොද වැඩි ඔහෙලට දෙන්න ඔනෙ ගොම
රටම හොරාකාලා විනාෂ කරපු දූෂිත දේශපාලුවන් ඉන්න රටක්. අද ජනතාවට තුන්වේලක් තියා එක වේලක්වත් කන්න නැතුවයි ඉන්නේ? අන්තිමට ඉතුරු වෙන්නේ තණකොළ...?
සුද්දා නිදහස දුන්නට පස්සේ නම්කරලා ගියේ. ගැසට් කරන්න බැරි වුණා. සල්ලි පෙර්තෙකමට පිරට ගිහිල්ලා බොරු දේශප්‍රේමය කතාකරන එවුන්ට ටී බෑග් වගේ හදලා ඇරිය නම් හොදයි.
ඒක හොඳයි... මොකද ටීවීවල වෙළෙඳ දැන්වීම්, යූටියුබ් ෆේස්බුක් බැලුවාම එක් එක් කෙනා කියන ආකාරයට කන්න කිසිම දෙයක් නැතිවෙනවා.. ඒවායේ කියන්නේ මහදැනමුත්තාගේ ගෝලයින්ගේ තේරීම් වගේ තමයි. ඉතින් වසවිස නැතුව ස්වාභාවික ලෙසට මෙතෙක් කලක් වැවුනේ තණකොළ පමණයි.. දැන් ඉතින් ඒකටත් කොම්පෝස්ට් කියන චීන අසූචි, රසායනික පොහොර දාලා හැදුවාම ඒකත් නැතිවේද කියලා බය හිතෙනවා...!
ඔව් ලගදිම තනකොල හිගයක් එන්න පුලුවන්.දියවන්නාවෙ ඉන්න සෙට් එකට ඉස්‍ය්හරම් ඒ වයින් දෙන්න ඇහැකි.