(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය මාස කිහිපයේ බොරතෙල් මිලේ විශේෂ වෙනස් කමක් සිදු නොවූවත් ඉදිරියේදී එය වෙනස් වනු ඇතැයි ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.
බොරතෙල් ප්‍රවාහන සුපර් ටෑන්කර් නෞකා 10 ක චීනය බොරතෙල් ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට යවා ඇති බවත් එම එක් නෞකාවක ධාරිතාවය බොරතෙල් බැරල් මිලියන 20 ක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.එපමණක් නොව චීනය රුසියාවෙන්, සෞදි අරාබියාවෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ අනෙකුත් රටවලින් බොරතෙල් තොග එක්රැස් කරන බව ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
දීර්ඝ කාලයක සිට බලාපොරොත්තු වූ බොරතෙල් ඉල්ලුමේ ඉහළ යාමක් සිදුවෙතැයි චීනය බලාපොරොත්තු වන බවට මෙය ඉඟියක් විය හැකි යැයි එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (24) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.97 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76.10 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd